මෙහෙම දෙයක් වෙයි කියලා ඔහු හීනෙන්වත් හිතන්න නැතුව ඇති...
රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී ඊයේ (10) මියගොස් තිබෙනවා.
අනතුරෙන් බරපතල තත්ත්වයේ පසු වූ ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.
මරණකරු වයස අවුරුදු 64ක් වන හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමගම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය කරවනැල්ල රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.