Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
10
මිනිස් වෙසින් සිටින දෙවියෙක් වගේ මනුස්සයෙක්...අහිංසක ජීවිතයක් බේරගත්ත රත්නපුරේ දොස්තර මහත්තයාගේ කතාව...

- මිනිස් වෙසින් සිටින දෙවියෙක් වගේ මනුස්සයෙක්...අහිංසක ජීවිතයක් බේරගත්ත රත්නපුරේ දොස්තර මහත්තයාගේ කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views
ඔහු වෛද්‍ය නිශාන්ත ඩයස්... ඇත්තටම ඔහු වීරයෙක්... උතුම් හදවතක් ඇති මනුස්සයෙක්... මේ කතාව ඒ හිත හොද කාරුණික වෙදැදුරු ගැනයි... තැනට සුදුසු විදිහට කරන්න පුළුවන් හොඳම දේ කරපු නිසා ඔහු තවත් මනුස්සයෙකුගේ ජිවිතේ බේරගත්තා...

දිනය 2025.03.08 වෙනිදා... සනත් කුමාරගේ සිය මුහුණු පොතේ සටහනක් තබනවා... ලංකාවම වෛද්‍ය නිශාන්ත ඩයස් ගැන දැනගන්නේ ඒ සටහනෙන්... බලන්නකෝ ඒ සටහන...

උපුටාගැනීම

25/03/08 දින පෙ:ව 9.00 පමණ ආසන්න වෙලාවට සිදුවීමක් මෙසේ සටහන් තබමි.මම රත්නපුර නගරය දෙසට මෝටර් බයිසිකලයෙන් යමින් සිටියෙමි.ගොඩවෙල දෙසට ඇති ඇන්කර් හන්දියේ බයිසිකල්,වාහන සෙනග පිරී සිටී.⁣මා එතනට පැමිණෙන විට එක්වරම කුඩා වෑන් රථයක් රත්නපුර දෙසට වෙිගයෙන් ගමන් කරනු දැක ගත හැකිවිය.
සිද්ධිය මෙසේය.මෙම වෑන් රථය පදවාගෙන ආ තැනැත්තා මිය ගොස් හෝ අසාධ්‍ය තත්ත්වයේ පසුවී වාහනය නැවතී ඇත.සියලුම දෙනා එතනට එක් රැස් වී සිටියත් කළයුතු දේ කුමක් දැයි තීරණයකට එළඹී නොමැත.මේ අතර දොස්තර මහතෙකු වාහනයකින් පාරේ යමින් සිටී.ඔහුගේ වාහනය පසෙකින් නවතා රෝගියා පරීක්ෂා කරන මෙම
දොස්තර මහතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අයගේ රථයෙන්ම රෝහල කරා ඔහු රැගෙන යයි.එතන සිටි සියලු දෙනාටම මිනිස්කම පෙන්වූ මෙම විශිෂ්ට වෛද්‍යවරයා ගැන මෙසේ සටහන් තබමි.
ඔහු මාද නොහදුනමි.වාහනයේ අංකය ඉදිරිපත් කරමි.....

උපුටාගැනීම අවසන්....

මේ ෆේස්බුක් පෝස්ට් හුඟාක් අයගේ අවදානයට යොමු වෙනවා... ඒ වාහන අංකය දකින අය ඩොක්ටව කවුද කියලා අදුරගන්නවා... ඒ තමයි... වෛද්‍ය නිශාන්ත ඩයස්... මේ සිදුවීම ගැන ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබනවා ඊට පස්සේ... බලන්නකෝ ඩොකට කියන කතාව... මොනතරම් කාරුණික හදවතක්ද ඔහුට තියෙන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවී....


උපුටාගැනීමකි...

මගේ යුතුකම මම ඉටුකලා
මම උදේ වැඩට යන ගමන් හිටියේ..

කලු පාට පුංචි වෑන් එකක් ගාව මිනිස්සු වට වෙලා. මම හිතුවෙ ඇක්සිඩන්ට් එකක් කියලා....
වැඩට යන්න කොච්චර කාර්‍ය බහුල වෙලා හිටියත් උදවුවක් ඕනි කෙනෙක් මග දාලා යන පුරුද්දක් මගේ නෑ.

ඔලුව දාලා බලනකොට ඩ්‍රයිවින් සීට් එකේ තරුණ මහත්තයෙක් සිහි නැතිව ඉන්නවා. යන්තම් හුස්ම වැටෙනවා විතරයි. ඕනිම emergency වෙලාවක කාලය ගොඩක් වටිනවා. වාහනෙත් පාර මැද නැවතිලා . පිටිපස්සෙ වාහන බ්ලොක් වෙලා හෝන් ගහනවා.

මට ඒ වෙලාවෙ අනිත් අයගේ උදවු ඇතුව ලෙඩාව උස්සලා ලෙඩාගෙම වාහනේ අනිත් සීට් එකට දාගත්තා.

එයාගේ ෆෝන් එක මගේ අතට අරන් බලනකොට පොඩි දරුවො දෙන්නෙක් එක්ක ඉන්න ලස්සන ෆොටෝ එකක් .

මං වගේම දරුවො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද මේ...

හිත හිත ඉන්න වෙලාවක් තිබුනේ නෑ. පුලුවන් ඉක්මනින් මමම ඒ වාහනේ පදවගන ගිහින් ලෙඩාව ආරක්ෂිතව රත්නපුර රෝහලේ හදිසි අනතුරු අංශයට බාර දුන්නා.

බාර දීලා විනාඩි පහක් යන්න කලින් රෝගියාගේ සීනි මට්ටම, ඔක්සිජන් මට්ටම, ඊසීජී, මේ හැමදේම පරීක්ෂා කරලා ඉතාමත් කෙටි කාලයක් තුල රෝගියාගේ ජීවිතය ආරක්ෂිත තත්ත්වයකට ගෙන එන්න රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය උපරිම දායකත්වයක් ලබා දුන්නා.

Dr Samantha Wijesundara , Dr Shashini Hemarathna , Dr srima, Dr Ranaweera Sureka

ඊට පස්සේ රෝගියාට අයිති වාහනේ යතුර , පර්ස් එක , ෆෝන් එක රෝහලට බාර දීලා
මම හිතවත් ත්‍රීරෝද රියක ඇවිල්ලා පාර අයිනේ දාලා තිබුන අවුරුදු 32 පරණ මගේ වාහනේ නැගලා රාජකාරියට පිටත් වුනා.

මේ අහිංසක ජීවිතය බේරගන්න මේ අවස්ථාවේ උදව් කරපු හැමෝටම පිං.
මගේ යුතුකම මම ඉශ්ට කලා ...

උපුටාගැනීම අවසන්... 
හැමදේම මුදලට තීරණය වෙන ලෝකයක තවමත් යහපත් මිනිස්සු ඉන්නවා.... තමන් ගැන නොහොතා අනිත් අය ගැනත් හිතන.. උපකාර කරන ... කරුණාවන්ත සිතුවිලි පිරුණු මේ වෛද්‍යතුමා අපට එහෙම හිතන්න හොඳම උදාහරණයක්...

ඉතිං උතුම් මනුස්සකමේ සුවඳ ලෝකය පුරා පතුරන... මෙවන් මෙවන් යහපත් මිනිසුන් රටට දැයට වාසනාවක් කියලා තමයි අපි හැමෝටම දැනෙන්නේ...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top