ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයකු ඊට යටවීමෙන් මියගොස් ඇතැයි කිරිඇල්ල පොලිසිය පවසනවා.
කුරුගම්මෝදර, බදුවත්ත පාරේ, 07 කණුව ප්‍රදේශයේදි අනතුර සිදුව තිබෙනවා.
මිය ගොස් ඇත්තේ මාටුවාගල, 07 කණුව ලිපිනයේ පදිංචි (59) හැවිරිදි අයෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ තවත් කාන්තාවක් ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි රියදුරු බිමතින් සිටි බව පෙනෙන්නට තිබූ නිසා ඒ බව තහවුරු කරගැනීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.