හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී සිදුවු අනතුරකින් මව, බිළිදිය සහ තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිද්ධිය වන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් නව දෙනෙකු එහි ගමන් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
රියදුරුට අමතරව පිටුපස අසුනේ කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, දරුවන් දෙදෙනෙකු සහ දැරියන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සියලු දෙනා හලාවත රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධියෙන් මියගිය මවගේ වයස අවුරුදු 32 ක් වන අතර බිළිදියගේ වයස අවුරුද්දක් බවයි පොලිසිය සදහන් කළේ.
අනෙක් කාන්තාව 36 හැවිරිදි වියේ පසුවුණා. මොවුන් මිනුවන්ගොඩ සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන්. තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වී ආපසු යමින් සිටියදීයි ත්‍රී රෝද රථය මෙලෙස බස් රථයේ ගැටී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, ඊයේ රාත්‍රියේ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස ප්‍රදේශයේදී තවත් බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය සදහන් කළා.
සිද්ධියෙන් මියගියේ අවුරුදු 29 සහ 47 යන වයස්වල පසුවන දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මීට අමතරව මොරටුව, හොරණ, පොළොන්නරුව සහ කිරි ඇල්ල ප්‍රදේශවල ඊයේ දිනයේ සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගියා. ඔවුන් අවුරුදු 19 ත් 64 ත් අතර වයස්වල පසුවන්නන්.