Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
10
නිහඬ මාරයෙක් ලෙස සැලකෙන වකුගඩු රෝගය ගැන දැනුවත් වෙමු... නොදැනීම ගොදුරුවෙන මේ රෝගයෙන් බේරෙන්න ප්‍රධාන කරුණු 08ක් මෙන්න...

- නිහඬ මාරයෙක් ලෙස සැලකෙන වකුගඩු රෝගය ගැන දැනුවත් වෙමු... නොදැනීම ගොදුරුවෙන මේ රෝගයෙන් බේරෙන්න ප්‍රධාන කරුණු 08ක් මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
වකුගඩු රැකගන්නා හැටි දැනගෙන ඉන්න එක හරිම වටිනවා නේද? ඉතිං අද කියන්න හදන්නේ ඒ ගැනයි... 

නිහඬ මාරයෙක් ලෙස සැලකෙන වකුගඩු රෝගය ගැන වර්තමානයේ දී අප වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. ඊට හේතු වී ඇත්තේ ලෝකයේ සිදුවන වැඩිම මරණ අතර 08 වැනි ස්ථානයේ පවතින්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම නිසා සිදුවන මරණ වීමය. මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා මහජනයා දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් සෑම වසරකම මාර්තු මාසය ලෝක වකුගඩු රෝග මාසය ලෙස ද නම්කර ඇත.

වකුගඩු අකර්මණ්‍ය වූ විට සිදුකරන ප්‍රතිකාර මිල අධිකය. එය අප වැනි රටක ජනතාවට දරාගත නොහැකිය. එසේම වකුගඩු අකර්මණ්‍ය වූ විට රෝගියාගේ ජීවිතය තවදුරටත් රැකගැනීම සඳහා රුධිර කාන්දුකරණය කිරීම (Dialysis) හෝ වෙනත් වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවීම ද යනු පහසු කටයුත්තක් ද නොවේ.

වකුගඩු රැකගැනීම

වකුගඩු ක්‍රියාකාරීත්වය නීරෝගීව පවත්වාගෙන යෑම සඳහා අප අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත.ඉන් ප්‍රධාන කරුණු 08ක් පිළිබඳව අප අවධානය යොමු කිරීම වැදගත්ය. එම කරුණු වනුයේ දියවැඩියාව පාලනය, අධි රුධිර පීඩනය පාලනය, ක්‍රියාශීලී ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිවෙත, පිරිසිදු ජලය පානය, වේදනානාශක අවභාවිතය පාලනය, දුම්පානය නතර කිරීම සහ වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්ෂාකර ගැනීම ය.

දියවැඩියාව පාලනය

වකුගඩු ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට දියවැඩියාව රෝගය තුළින් දැඩි බලපෑමක් සිදුවන බව හඳුනාගෙන ඇත. එනිසා දියවැඩියාව රෝගය නිසි ලෙස පාලනයට අප අවධානය යොමු කළ යුතුය. එහිදී රුධිර සීනි මට්ටම නිසි ප්‍රමාණයට පවත්වාගෙන යෑම සඳහා පියවර ගත යුතුය.

අධි රුධිර පීඩනය පාලනය

අධි රුධිර පීඩනය ද වකුගඩු දුර්වලවීමට බලපාන තවත් ප්‍රධාන හේතුවකි.එබැවින් අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන් තම රුධිර පීඩනය නිසි අයුරින් පාලනය කරගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබාගත යුතුය. එම ඖෂධ හිතුමතේ නතර නොකළ යුතුය. ඇතැම්දෙනා අධි රුධිර පීඩනය සඳහා ගනු ලබන ඖෂධ නතර කරන්නේ දැන් තම රුධිර පීඩනය පාලනය වී ඇති බව පවසමිනි. නමුත් සිදුව ඇත්තේ පවතින අධි රුධිර පීඩනය පාලනය වී ඇත්තේ ඒ සඳහා ගනු ලබන ඖෂධ නිසාය.

ක්‍රියාශීලී ජීවන රටාව

නීරෝගී බව සඳහා ක්‍රියාශීලී දිවියක් ගතකළ යුතුය. ඒ සඳහා දිනපතා ව්‍යායාම කළ යුතුය. එහිදී දිනකට අවම වශයෙන් පැය භාගයක්වත් ව්‍යායාමවල යෙදිය යුතුය. ව්‍යායාමවල යෙදීම නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය හා ස්ථුලතාවය ඇතිවීම පාලනය කරගත හැකිය. එමගින් වකුගඩු රෝග ඇතිවීම ද පාලනය කරගත හැකිය.

ආහාර පිළිවෙත

අප සෑම කෙනෙක්ම ආහාර ගනු ලබන්නේ නීරෝගී සෞඛ්‍යසම්පන්න දිවියක් ගතකිරීමට ය. එනිසා සමබල ආහාර වේලක් ගැනීමට අවධානය යොමු කළ යුතුය. එනම් ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ ද සහිත ආහාර වෙලක් ගත යුතුය.

වකුගඩු රැකගැනීමේදී අධික ලුණු සහිත ආහාර ගැනීම පාලනය කළ යුතුය. එක් පුද්ගලයකු දිනකට ලුණු ග්‍රෑම් 05කට වඩා අඩුවෙන් ගත යුතුය. විශේෂයෙන් සකස් කළ ආහාර, ක්ෂණික ආහාර වර්ග ගැනීම අවම කළ යුතුය.

පිරිසිදු ජලය පානය

දිනපතා නිසි ලෙස ජලය පානය ද වකුගඩු රැකගැනීමට ඉතා වැදගත්ය. එහිදී දිනකට ජලය ලීටර් 02ත් 03ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු වේ.මෙය පුද්ගලයාගේ රැකියාව, ක්‍රියාකාරීත්වය සහ දේශගුණය අනුව වෙනස්වේ. අව්වේ වැඩි කාලයක් වෙහෙසෙන අය මීට වඩා වැඩිපුර ජලය පානය කළ යුතුය.

වේදනානාශක අවභාවිතය පාලනය

වකුගඩු දුර්වලවීම සඳහා බලපාන ඖෂධ වනුයේ අධි වේදනානාශක ඖෂධ නිතර භාවිතයයි. එනිසා නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව අධි වේදනානාශක ඖෂධ ගැනීම නොකළ යුතුය.

දුම්පානය

දුම්පානය රෝග රැසක් සඳහා බලපාන අහිතකර පුරුද්දකි.එසේම වකුගඩු රෝග ඇතිවීම සඳහා ද එය බලපාන බව හඳුනාගෙන තිබේ. එනිසා දුම්පානය සම්පූරණයෙන්ම නතර කළ යුතුය.

වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ගැනීම

වකුගඩු අකර්මණ්‍ය වීමේදී මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ ඇති නොවේ. එනිසා දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන් හා වකුගඩු රෝග සඳහා අවදානමක් ඇති පුද්ගලයන් වසරකට වරක්වත් තම වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳව පරීක්ෂාවකට ලක්විය යුතුය. එහිදී මුත්‍රාවල ඇල්බියුමින් පරීක්ෂාව සහ රුධිරයේ ක්‍රියැටින් (creatine) පරීක්ෂාව සිදුකර ගත යුතුය.

වෛද්‍ය දිනිත් ගලබඩ
වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය
උතුරු කොළඹ මහ රෝහල රාගම...

( දිවයින )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top