මොණරාගල පොලිස් වසමට අයත් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල පිටුපස කැලෑබද ප්‍රදේශයක තිබී නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් අද (09) උදෑසන මොණරාගල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිරිගල ප්‍රදේශයේ තරුණයකු මුහුණ සේදීමට සිරිගල රෝහල පිටුපස ඇති ඇලමාර්ගයට යන අවස්ථාවේදී එම ඇල මාර්ගය ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක තිබී මෙම මළ සිරුර දැක ඇති අතර, ඔහු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ මොණරාගල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, සිරුරේ අනන්‍යතාවය සම්බධයෙන් මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම මළ සිරුර තිබූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය මොණරාගල වැඩබලන මහේස්ත්‍රාත් කමලා රත්නායක විසින් අද (09) පෙරවරුවේ සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි....