මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යට වීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් මියයාම සිද්ධිය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු පුවත් වුණා..
ජානකි දීප්තිකා ජයවර්ධන නම් වූ 59 හැවිරිදි ඇය මේ අනතුරෙන් පසු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණා... මේ කියන්න යන්නේ ඒ සිද්ධිය ගැන ඇසෙන තවත් එක් අලුත්ම කතාවක් ගැනයි..
හදිසි අනතුරකින් සිදුවූ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පුතු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.. ඒ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චිගේ නියෝගයකට අනුවයි..
මෙලෙස ඇප මත මුදා හැරියේ මූල්‍ය කළමනාකරු උපදේශක වරයෙකු වූ දුලාන චන්දිම ජයවර්ධන (32) යට අයයි. ඊට අමතරව සැකකරුගේ රියැදුරු බලපත්‍රයේ තාවකාලිකවඅත්හිටුවීමට ද, නියෝග කර තිබෙනවා..
ඊටත් අමතරව අධිකරණ රෙජිස්ටාර්වරයාගේ ලිපියක් රැගෙන නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක්ද රැගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කර තිබුණා..