හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වෙද්දී පුවත් මවන චරිතයක් බවට පත්වෙලා... මේ කියන්න හදන්නේ ඔහු ගැන ලැබුණ අලුත්ම පුවතක් ගැනයි....
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට සැඟව සිටින බවත් නුදුරේදීම ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ, මහින්ද චින්තනය වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ෂක අමාත්‍යාංශය, කොළඹ - පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකළ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් තත්ත්වය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.