මේ කියන්න යන්නේ තවත් ගුවන් මගියෙක් කරන්න ගිය පුදුම සහගත වැඩක් ගැන කතාවක්..
උණ්ඩ යෙදූ තුවක්කුවන් සහිතව මගී ගුවන් යානයකට ගොඩවදිමින් යානයේ සිටි මගීන්ට සිය ගමන් මල්ලේ බෝම්බ තිබෙන බවට සාවද්‍ය ප්‍රකාශයක් සිදුකරමින් මගීන් බියට පත්කළ 17 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයකු ගැනයි මේ කතාව..
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවැනි විශාලතම ගුවන්තොටුපළ වන අවලොන් ගුවන් තොටුපළේදී මේ සිද්ධිය සිදුව තිබුණා.. ගුවන් තොටුපළේ වැටෙහි තිබූ සිදුරකින් ගුවන්යානා පර්යන්තයට ඇතුළු වී ඇති සැකකරු අනතුරුව පයින්ම, සිඩ්නි නගරය වෙත පියාසර කිරීමට නියමිතව තිබූ මගීන් 160 දෙනකු ගමන්ගත් ජෙට්ස්ටාර් ගුවන් සේවයේ ගුවන්යානය වෙත ගමන්කර එයට ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබෙනවා...
මෙසේ නීතිවිරෝධි අයුරින් ජෙට්ස්ටාර් ගුවන්යානයට ඇතුළු වී ඇති 17 හැවිරිදි සැකකරුගෙන් ගුවන් සේවිකාවක විසින් ගුවන්යානයට ඇතුළුවීමේ අවසරපත (බෝඩින් පාස්) ඉල්ලූ විට සැකකරු ගුවන් නියමු කුටිය පෙන්වා තමන්ට එහි යමක් කිරීමට ඇති බව පවසා ඇති අතර, එම අවස්ථාවේ සැකකරු ළඟ විශාල ප්‍රමාණයේ උණ්ඩ පිරවූ තුවක්කුවක් තිබෙනු ගුවන් සේවිකාව දැක ඇති අතර, මෙම අවස්ථාවේදී ගුවන්යානයේ සිටි මගීන් බියට පත්ව සිට ඇති අතර සැකකරුගෙන් අනතුරක් වීමට පෙර වහාම ක්‍රියාත්මක වී ඇති ගුවන් නියමුවා හා මගියකු සැකකරු බිම පෙරළාගෙන, පොලිස් නිලධාරීන් පැමිණෙන තෙක් ඔහු රඳවාගෙන ඇති බව වාර්තා වෙනවා..
අදාළ සැකකරු මෙසේ ගුවන්යානයට ගොඩනැඟ තර්ජනාත්මක ලෙස හැසිරීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසනවා...