ඇයට මුහුණ දෙන්න සිද්ධවුණු මේ අනතුර ගැන නම් කිසිවෙකුටත් අදහාගන්න බැහැ..
අපේ ජීවිත කතාව මොන තරම් නම් අවිනිශ්චිතද..?
මේ කියන්න යන්නේ අන්න ඒ සංවේදී කතාවයි.. ඇය වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්.. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යනාංශයේ කටයුතු කරන ආචාර්ය ජානකී ජයවර්ධන, මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් කාන්තාව වෙනවා..
කොහුවල, සුමනාරාම මාර්ගයේදී කාර් රථයක් පණ ගැන්වීමට නොහැකිව නවතා තිබූ අතර ඇගේ පුතා විසින් නැවත එය ගැන්වීමට උත්සාහ කරද්දී ඇය සහ පුතුගේ බිරිඳ ඉදිරිපස ටයරයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ගිය අවස්ථාවකදි බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ මෝටර් රථය ඉදිරියට ගමන් කිරීමෙන් අදාල කථිකාචාර්‍යවරිය අනතුරට ලක්ව තිබුණා..
සිද්ධිය සිදුවූ වහාම ඇය කළුබෝවිල රෝහලට ඇතුලත් කළත් ඒ වෙද්දී ඇය මෙලොව හැර ගොසින්.. මරණකාරිය වයස අවුරුදු 59ක් වූ සුමනාරාම පාර, කොහුවල ප්‍රදේශයේ පදිංචි සිට ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා...
කෙසේ වෙතත්, ඊයේ සිදුවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා..
