ඒ සිද්ධිය ගැන විවිධ සාක්ෂි රැස්වුණා.. පුද්ගලයින් ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට ගත්තා..
ඒ හැම කතාවකටම පස්සේ අවසානයේ මේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය තවමත් අතුරුදන්.. මේ කියන්න යන්නේ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය ගැන ඇසෙන කතාවයි..
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 09 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද කැඳවීමට නියමිතව තිබෙනවා..
මීට අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇති අතර, අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇති අතර ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී ඇතැයි දැක්වෙනවා..
බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී මතුවිය හැකි අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එම දැනුම්දීම සිදුකර තිබෙන බව වාර්තා වෙන්නේ..
දිනමිණ පුවත්පත ඇසුරෙන්..