විදෙස් රටවලින් ශ්‍රී ලාංකිකයින්ට හිමිවෙන රැකියා අවස්ථා ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබට ලැබෙන තවත් එක් වටිනා අවස්ථාවක් ගැනයි..
ජපානයේ හෙද ක්ෂේත්‍රයේ රැකියා සදහා අවස්ථා රැසක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වී තිබෙනවා..
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ අයි එම් ජැපෑන් ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුවයි මෙම රැකියා අවස්ථා උදා වී ඇත්තේ..
වයස අවුරුදු 18ත් 35ත් අතර, තරුණ තරුණියන්ට මේ සදහා නොමිලේ අවස්ථාව හිමිවනවා...
වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, එහිදි අවම වැටුප ලෙස ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 04ක් ගෙවනු ලබනවා...