මේ කියන්න යන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් ගැන ඇසෙන තවත් එක් ආරංචියක්..
රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් විසිදාහක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවා ඇති බවට වාර්තා වෙනවා..
එසේම පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා රුපියල් පනස්දාහක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ද මේ ලිපිය මගින් ඉල්ලා තිබුණා..
එසේම 2016 සිට බඳවා ගත් සේවකයන් විශ්‍රාම වැටුපට අන්තර්ග්‍රහණය කර නැති බවත් ඔවුන්ට ද විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙම සංගමයේ ලේකම් ජී.එම්.එස්. ශාන්තප්‍රිය මහතා ජනපතිට යැවූ ලිපියේ සඳහන් වෙන බවයි වාර්තා වෙන්නේ..
දිවයින පුවත්පත ඇසුරෙන්...