මේ කියන්න යන්නේ අද උදෑසනින්ම ඇසෙන ආරංචියක් ගැන කතාවක්..
ඉන්දියාවේ නව දිල්ලිය අවට ප්‍රදේශවලට අද රික්ටර් මාපක 4ක ප්‍රබල භූකම්පනයක් ඇතිව තිබෙනවා...
අද උදෑසන 5:36ට පමණ කිලෝමීටර 5ක් ගැඹුරට මෙම භූකම්පනය දැනුණු බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ...
දිල්ලි, නොයිඩා, ඉන්දිරපුරම් සහ අනෙකුත් කලාපවලට බලපෑ භූමිකම්පාව උතුරින් 28.59ක අක්ෂාංශයක සහ නැගෙනහිරින් 77.16ක දේශාංශයක සිදු වූ බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ...
ප්‍රබල කම්පනය හේතුවෙන් දිල්ලියේ ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන් සිය නිවෙස් වලින් ඉවත් වීමට ද කටයුතු කර තිබෙනවා...