අද ඔබ බොහෝ දෙනෙක් බලාසිටි ඒ විශේෂ දවසයි..
මේ කියන්න යන්නේ අන්න ඒ දවසට පෙර ඇසෙන විශේෂ ආරංචියක් ගැනයි..
රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, ගොවීන්, ධීවරයින් මෙන්ම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පිරිස් මෙවර අයවැය සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි අවධානයෙන්.
එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම , අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම , සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරන ප්‍රතිපාදන සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන දීමනා ඇතුළු අංශ ගණනාවක් කෙරෙහි මෙවර අයවැයෙන් වැඩි ඉඩක් ලබාදෙනු ඇති බවට බොහෝ පිරිසකගේ අපේක්ෂාව වී තිබෙනවා.
අභියෝගාත්මක වසර ගණනාවකින් පසු ඉදිරිපත් කරන මෙවර අයවැය සම්බන්ධයෙන් මහ ජනතාව ඇතුලූ විවිධ ක්ෂේත්‍රවල පිරිස් තබා ඇති බලාපොරොත්තු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සොයාබැලීමක් කළා.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ සඳහා මුදල් වෙන් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ඇතුළු අංශ ගණනාවකට මෙවර අයවැයෙන් වැඩි බර තැබීමක් සිදුවනු ඇති බවට ආර්ථික විශේෂඥයින් මත පළ කරනවා.
එමෙන්ම, ව්‍යාපාරිකයින්, සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නියැල්ලෙන්නන්, දුම්රිය සේවකයින් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් මෙවර අයවැය සම්බන්ධයෙන් සුබවාදී අපේක්ෂා රැසක් තබා සිටිනවා.
අභියෝගාත්මක වසර ගණනාවකින් පසු ඉදිරිපත් කරන මෙවර අයවැය සම්බන්ධයෙන් තබා ඇති අපේක්ෂා පිළිබදව ජනතාව පළ කළේ මෙවැන්නක්. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩුකරනු ඇති බවටයි මෙවර අයවැය මගින් බොහෝ ජනතාව විශ්වාසය පළකරන්නේ.