මාලි රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.
සිද්ධියෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය ජනවාරි මාසයේ ද දකුණු දිග මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබුණා.