Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
16
මව්පියන් අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් වෙන්න..

- මව්පියන් අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
මව්පියන් මේ දේවල් ගැන වඩා හොඳින් දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.. 

කාලගුණයත් එක්ක වෙන්න පුළුවන් මේ වගේ වෙනස්කම් ගැන අවදානයෙන් පසුවෙන එක ඔබේ දරුවාගේ සුවපහසුවට ගොඩක් වැදගත් වේවි..

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ, දරුවන් පාසල්වලදී කටයුතු කරන ආකාරය සමීපව අධ්‍යනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා...

එහි ලේකම් නාලක කලුවැව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මේ දිනවල පාසල් ක්‍රියාකාරකම් සිදු කිරීමට අදාළව සෞඛ්‍ය බලධාරීන් කිසියම් නිර්දේශ ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ අවධානය යොමු කරන බවයි..

මේ සම්බන්ධයෙන් හෙට දිනයේ දී සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කළා..

පාසල් සිසුන් විෂය සමගාමී ක්‍රියාකරකම් සහ ක්‍රීඩා උත්සව පුහුණුවීම් වල නිරතවීමේ දී හිරු එළියට නිරාවරණය වීම අවම මට්ටමකින් පවත්වා ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා..

ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ සමකාසන්න කලාපයේ රටවල් රැසකටම මේ දිනවල අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා..

ඒ අනුව, ආසියා, අප්‍රිකා සහ ඕස්ටේ්‍රලියා මහද්වීප රටවල් මෙහි දැඩි බලපෑමට ලක්ව ඇති බව සදහන්..

පෙබරවාරි මාසය තුළ සාමාන්‍යයෙන් ගෙවෙන්නේ ඊසාන දිග මෝසමේ අවසන් කාල පරිච්ඡේදයයි..

දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදය මාර්තු හා අප්‍රේල් මාස තුළ එළැඹෙනවා..

එම කාලය තුළ උදෑසන සූර්යාලෝකය තදබල ලෙස පොළොවට පතිතවන අතර සුළං ධාරාවන්වලද සැලකියයුතු අඩුවක් මේ දිනවල නිරීක්ෂණය කළ හැකියි..

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී බලධාරීන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා..

ජල වාෂ්ප වායුගෝලයට එකතු වුවද වළාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාව අඩුවීම මත මාර්තු අප්‍රේල් මාස දෙක තුළ මිනිස් සිරුරට දැනන උෂ්ණත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ..

විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ දිනවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතිනවා..

මෙම තත්ත්වය හමුවේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ද ඉහළ යාමෙන් සෞඛ්‍ය ගැටලු‍ ඇතිවිය හැකි බැවින් වැඩි වශයෙන් ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි..

උතුරු, උතුරු මැද , නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top