මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ දවස ගැන ඇසෙන කතාවයි..
2025 මූල්‍ය වර්ෂය සදහා වන රජයේ අයවැය මෙන්ම නව රජයේ පළමු අයවැය හෙට (17) පෙරවරු 10.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැයට පෙර මේ විමසා බැලීම තවත් ක්ෂේත්‍ර කිහිපයක අයවැය අපේක්ෂා පිළිබඳවයි.
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන් ද හෙට ඉදිරිපත් කරන අයවැය යෝජනා පිළිබඳව දැඩි අවධානයකින් පසුවනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, කර්මාන්ත ශාලාවලට අවශ්‍ය පිරිවැය අඩු කිරීමක් මූලික වශයෙන්ම හෙට ඉදිරිපත් කරන අයවැය කතාව තුළ සඳහන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මෙවර අයවැයේ දී අධ්‍යපනය සඳහා වෙන් කරන මුදල සියයට 6 දක්වා ඉහළ දැමිය යුතු බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද පවසනවා.
මහපොල වාරික මුදලද මෙවර අයවැයේදී ඉහළ දමනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙට දිනයේ දී ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.
අයවැය ලබන 18 වනදා අගහරුවාදා සිටි මාර්තු 21 දක්වා දින 26ක් පැවැත්වෙනවා.
ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන 18 වනදා සිටි 25 වනදා දක්වාත් කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු 21 වනදා දක්වාත් පැවැත්වෙනු ඇති.
තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පස්වරු 6ට පැවැත්වෙනවා.