ගොඩක් දෙනෙක් කැමතියි රාත්‍රියට සුවබර නින්දක් ලබාගන්න.. මේ කියන්න යන්නේ අන්න ඒ අයට විශේෂ වුණු කතාවක්..
සැපදායක නින්ද සිරුරට වගේම මනසටත් ඉතාහොඳ විවේකයක්.
දවස පුරා වෙහෙස මහන්සි වීම නිසා ලබන නින්දෙන් අපේ සිරුරේ සෛල නැවත අලුත්වැඩියා වෙනවා. ඒ නිසා සුවදායක නින්දක් ලැබීම අපේ ශාරීරික සහ මානසික සුවතාවයට ඉතාම වැදගත්.
මේ නිසා සුව නින්දක් වෙනුවෙන් නින්දට පෙරාතුව ගතහැකි ආහාර කීපයක් ගැන විවිධ අධ්‍යයනයන් මඟින් හඳුනාගෙන තිබෙනවා.
කෙසෙල්
කෙසෙල් පොටෑසියම් බහුල පලතුරක්. ඒ නිසා රාත්‍රී ආහාරයෙන් පසුව කෙසෙල් ගෙඩියක් ආහාරයට ගතහොත් නින්දට හිතකරයි. කෙසෙල් වල අඩංගු මැග්නීසියම් නිසා මාංශපේෂි සැහැල්ලු වෙලා නින්ද පිළිබඳ ගැටලු අඩුවෙනවා. කෙසෙල් ගැනීමේදී සමහර පුද්ගලයන්ට පොටෑසියම් අගුණ නිසා වෛද්‍ය උපදෙස් අනුව කෙසෙල් ආහාරයට නොගැනීමට අවවාද ලබා දී තිබෙනවා.
ඖෂධීය තේ
රාත්‍රී ආහාරයට පසුව සහ නින්දට පෙරාතුව ඖෂධීය තේ පානය හිතකර බව දැන් තහවුරුව තිබෙනවා. ඒ නිසා මින්චි, ලැවැන්ඩර්, කැමොමයිල් වැනි ඖෂධීය තේ පානය කිරීමෙන් සුවදායක නින්දක් ලබාගන්න පුළුවනි.
ධාන්‍ය
ඕනෑම ධාන්‍ය වර්ගයක් අපේ සිරුරේ නීරෝගී බවට හේතු වෙනවා. ඒ නිසා ධාන්‍ය ආහාර රාත්‍රී කාලයට ලබා ගැනීමෙන් නින්දට වාසි ලැබෙනවා.
යෝගට්
ඉතාම පහසුවෙන් සහ මිල වුනත් අපිට දරාගන්න අපහසුවක් නැති යෝගට් නින්දට පෙරාතුව ලබාගෙන සැපදායක නින්දක් වෙනුවෙන් යොමුවීමට බාධාවක් නැහැ. යෝගට් වගේම කිරි වීදුරුවක් නින්දට පෙරාතුව ලබාගන්න පුළුවනි.
චෙරි යුෂ
නින්දට පෙර චෙරි යුෂ ගෙඩි ආහාරයට ගන්න. එමඟින් ඔබට සුව නින්දක් ලැබෙවි.
වෝල්නට්
වෝල්නට් පෝෂණය බහුල පලතුරක්. හිතකර මේද අතරට ගැනෙන "ඔමෙගා-3" අඩංගු වෝල්නට් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. ඒ නිසා හදවත් රෝග වලින්ද ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම නින්දට පෙර වෝල්නට් මද කීපයක් ආහාරයට ගතහොත් සැපට නිදාගන්න පුළුවන් කමත් ලැබෙනවා.
කිවි
විටමින්-C වලින් බහුල කිවි තන්‍තුවලින් පොහොසත් පලතුරක්. ප්‍රතිඔක්සිකාරක බහුලයි. නින්දට පෙරාතුව කිවි ගෙඩියක් ආහාරයට ගැනීමෙන් නින්දට වඩාත් හිතකර බව පර්‍යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා.
ආමන්ඩ්
මෙලටොනින් හෝමෝනය උත්තේජනය කරන ආමන්ඩ් හදවත් රෝග වලටත් ගුණ දායකයි. පොස්පරස්, මැන්ගනීස් සහ රයිබොප්ලෙවින් අඩංගුයි. සැපසේ නිදා ගැනීමට නම් ආමන්ඩ් මද කිහිපයක් ආහාරයට ගන්න.
මුහුණුපොත ඇසුරෙන්..