කාලයෙන් කාලයට පවතින ග්‍රහ පිහිටීම් එක්ක විවිධ ජෝතිෂ්‍ය අනාවැකි පළ වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්..
මේ බලපෑම ඇත්තේ කාටද..? ඒ ගැන ඇසෙන කතාවයි මේ..
පෙබරවාරි 14 වනවිට කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ ලග්නයේ රවි - බුධ - ශනි ත්‍රිග්‍රහ යෝගයක් සැකසී ඇති අතර මේ මස 27 වැනිදා බුධ මීනයට යනතෙක්ම එහි බලපෑම් පහත පරිදි ලැබෙනු ඇත...
රාජ්‍ය අංශවල දූෂිත ක්‍රියා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවන අතර එකී ක්ෂේත්‍රවල රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ රහස් රැසක තොරතුරු සමාජයට වැඩි වැඩියෙන් නිරාවරණය වෙයි. ඇතැම් දූෂිතයන් තම රැකවරණය උදෙසා විවිධ නීති විරෝධී කටයුතුවල පවා නිරත වීමට පෙළඹෙනු ඇත...
එබැවින් පෙබරවාරි 27 දක්වා කාලය නීති ක්‍රියාත්මක කරන්නන් සෘජු තීරණ නුවණ මෙහෙයවා ක්ෂණිකව ගත යුතු කාලයක් වනු ඇත. විවිධ උගුල්වල පැටලීමේ ඉඩක් ද පෙන්වන බැවින් බලධාරීන්ගේ දූරදර්ශී බව ඉතාම වැදගත් වේ...
බුධ මාරුව සිදුවන විට තත්කාල වෘෂභ ලග්නය උදාව ඇති අතර රාජකීය හා දේශ-දේශාන්තර සංචාර මඟින් රටට කීර්තියක්, ප්‍රසිද්ධියක් මෙන්ම හිතකර ගිවිසුම්වලට එළැඹිය හැකි කාලයකි..
කෙසේ වුවත් බුධ ඉදිරි දෙසතිය තුළ රවිගෙන් අස්තව ගමන් කිරීමෙන් ප්‍රසිද්ධ දෙපාර්තමේන්තු සහ උසස් ස්ථානවලට අසීරුකම් මෙන්ම අවමාන ද ඇතිවන්නට ඉඩ කඩ පවතී. ප්‍රසිද්ධ රාජ්‍ය නායකයකුට රෝගී තත්ත්වයකට හෝ ප්‍රබල ගැටලුවකට හෝ මුහුණ දෙන්නට සිදුවනු ඇත..
රවි මාරුව වනවිට තත්කාල කන්‍යා රාශිය උදාව ඇති අතර ඉදිරි දෙසතිය තුළ වැඩකරන ජනයාට සුබදායක තීන්දු ක්‍රියාත්මකවන බව පෙන්නුම් කෙරේ. නාවුක හමුදා ක්ෂේත්‍රයේ සහ රජයට සම්බන්ධ ප්‍රධාන පෙළේ නිලධාරීන් සම්බන්ධ යම් අපලදායී බවක් පෙන්වයි..
සමස්ත රවි - බුධ සංයෝගයත්, රවි - බුධ - ශනි යෝගයත් මත කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව, වෙළෙඳ ව්‍යාපාර, අන්තර්ජාතික සබඳතා ශක්තිමත් වන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයටත් යහපත උදාකරයි..
සුබසෙත පුවත්පත ඇසුරෙන්..