මේ සිද්ධිය ඊයේ තවත් ආන්දෝලනයට තුඩදුන් කතාවක් බවට පත්වුණා..
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් ෆයිසාල් ගමන් කළ මෝටර් රථය අනතුරට පත් වී පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට මෝටර් රථයේ රියදුරා අද මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි...
පොලිසිය කියා සිටියේ සැකකාර රියදුරා ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කළ බවයි..
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයා ඊයේ මුදාහැරුණු අතර අත්අඩංගුවට ගත් රියදුරා මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරෙකු බවටයි අනාවරණය වී ඇත්තේ..
ඊයේ පැවති පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයට පැමිණෙමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අනතුරකට ලක්ව තිබුණේ වෙන්නප්පුව - කොස්වත්ත - හාල්දඩුවන ප්‍රදේශයේදීයි..
ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදු වූ එම අනතුරින් 65 හැවිරිදි වෙන්නප්පුව - පතහවත්ත ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා..
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරයා 36 හැවිරිදි මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..
මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි..