ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලොවපුරා බොහෝ දෙනා හරිම ආදරෙයි... පාප් වහන්සේට ආදරේ කරන හැමෝටම දුක හිතෙන දෙයක් තමයි මේ කියන්න හදන්නේ...
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලකට ඇතුලත් කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.
88 හැවිරිදි පාප් වහන්සේට මේවන විටත් උදරය ආශ්‍රිතව සැත්කම් රැසක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගයට වසර ගණනාවක සිට ප්‍රතිකාර ලබමින් සිටි බවද පැවසෙනවා.
උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කිරීම හේතුවෙන් ඉදිරි දින 03 සඳහා සංවිධානය කර තිබූ රැස්වීම් සියල්ල අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වෙන්නේ.