Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
14
යටි පතුල් වල වේදනාව සමනය කරගන්නේ මෙහෙමයි...

- යටි පතුල් වල වේදනාව සමනය කරගන්නේ මෙහෙමයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views
යටි පතුල් වල වේදනාව පාදුක කවලිකා ප්‍රදාහය (Plantar fasciitis) ලෙස හැඳින්වේ. එය ඇතිවන්නේ කෙසේද යන්න මදක් විමසා බලමු.

පාදයේ ඇඟිලි සහ විළුඹේ අස්ථිය සම්බන්ධ කරමින් ඝණ පටකයක් ඇති අතර යටිපතුල වක්‍ර ස්වභාවයක් ගැනීමට එය හේතුවේ.

මෙම පටකය පාදුක කවලිකාව (Plantar fascia) ලෙස හැඳින්වේ. මෙම පටකයේ ඇතිවන ප්‍රදාහය (Inflammation) පාදුක කවලිකා ප්‍රදාහය ලෙස නම් කර ඇත.

මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව වැඩිපුර භාවිතා කිරීම හෝ වැඩිපුර ඇදීම නිසා දුර්වල වීම, වේදනාකාරී වීම, සහ ඉදිමීමකට ලක්වීමය.

යටි පතුල් වල වේදනාව සඳහා හේතු සහ අවදානම් සාධක
  • තරබාරුකම
  • කෙටි කාලයකදී ශරීරයේ බර වැඩිවීම
  • බාල තත්ත්වයේ පාවහන් පැළඳීම (පමණට වඩා මෘදු අඩියක් සහිත හෝ යටි පතුලේ වක්‍රයට ආධාරකයක් නොවන)
  • යටි පතුලේ වක්‍රතාවය පමණට වඩා අඩුවීම (Flat foot) හෝ වැඩිවීම (High arch) වැනි යටි පතුලේ වක්‍රයෙහි පවතින ගැටළු
  • දිගු වේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම
  • දුර දිවීම
  • බෑවුමක් දිගේ පහළට දිවීම
  • සමතලා නොවන බිමක දිවීම
  • තද ඇචිලිස් කණ්ඩරාව හෙවත් බල නහරය (Achilles tendon) හෝ තද කෙණ්ඩයේ මාංශ පේශි පිහිටීම
  • දුවන විට හෝ ඇවිදින විට නිතර පාදය ඇතුළු පැත්තට පෙරලීම (Excessive pronation)
  • යටි පතුල් වල වේදනාව මැදි වයසේ පුද්ගලයන් අතර බහුලය.
පාදුක කවලිකා ප්‍රදාහයේ රෝග ලක්ෂණ
  • විළුඹෙහි ඇතිවන තියුණු හෝ තියුණු නොවන වේදනාව
  • යටි පතුලේ තද ස්වභාවය
  • පියවර කිහිපයක් තැබීමෙන් පසු යටි පතුලේ වේදනාව සහ තද ස්වභාවය ක්‍රමයෙන් අඩුවීම
  • පහත දේවල් මගින් වේදනාව වැඩිවේ,
    • ඉහළට නැගීම හෝ පඩිපෙළක ඉහළට යාම
    • ස්වල්ප වේලාවක් ඉඳගෙන සිටීම හෝ සිටගෙන සිටීම
    • වෙහෙසකර ශාරීරික ක්‍රියාකාරකමකට පසු
    • උදෑසන ඔබ තබන මුල් පියවර කිහිපය
රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
ඔබගේ වෛද්‍යවරයා යටි පතුල් වල වේදනාව හා සම්බන්ධ වන ලක්ෂණ සඳහා පරීක්ෂා කරනු ඇත.
  • යටි පතුල් වේදනාකාරී වීම
  • යටි පතුල රතු පැහැ වීම සහ ඉදිමීම
  • යටි පතුලේ වක්‍රතාවය අඩුවීම (Flat foot)
  • යටි පතුලේ වක්‍රතාවය වැඩිවීම (High arch)
  • යටි පතුලේ වක්‍රයෙහි ඇති තද ස්වභාවය
ඇතැම් විට, යටි පතුලේ වේදනාව ඇතිකරන වෙනත් හේතු හඳුනාගැනීම සඳහා ඔබගේ වෛද්‍යවරයා පාදයෙහි X-කිරණ පරික්ෂණ සිදුකිරීමට නිර්දේශ කරනු ඇත.
යටි පතුල් වල වේදනාව හෙවත් පාදුක කවලිකා ප්‍රදාහය සඳහා ප්‍රතිකර්ම
  • යටි පතුලේ ඇතිවන ප්‍රදාහය සහ වේදනාව අඩුකිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා පැරසිටමෝල් (Paracetamol) සහ/හෝ ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal Anti-inflammatory Drugs/NSAIDs) නිර්දේශ කරනු ඇත.
  • අවම වශයෙන් සතියක් වත් විවේක ගැනීම
  • හොඳ තත්ත්වයේ පාවහන් පැළඳීම (පාදයේ වක්‍රයට ආධාරයක් වන තරමක් මෘදු අඩියක් සහිත)
  • ඇතැම් විට ඔබේ වෛද්‍යවරයා පාවහන් තුළට ඇතුළුකර භාවිතා කරන ආධාරක (heel cups or orthotics/shoe inserts) ඔබට නියම කරණු ඇත. මේවා පාද දෙකටම එකවර භාවිතා කලයුතු වේ.
  • පාදය සහ විළුඹ සඳහා ඇදෙනසුලු ව්‍යායාම (Stretching exercises) කිරීමෙන් තත්ත්වය සමනය වේ. මෙහිදී, කෙණ්ඩයේ මාංශ පේශි, පාදයේ ඇඟිලි, සහ යටි පතුල ඇදෙන සේ ව්‍යායාම කල යුතුවේ. උදා: ඇඳෙහි හෝ බිම ඉඳගෙන පාද හොඳින් ඇඳ මත හෝ බිම දිග හරින්න. බෙඩ් ෂීට් එකක් හෝ තුවායක් ගෙන යටි පතුල වටා යන පරිදි දමා පොටවල් දෙක අතින් අල්ලාගන්න. ඉන් පසු, යටි පතුල ඇදෙන සේ පොටවල් දෙකෙන් අල්ලා තමා දෙසට අදින්න (දණහිස් නොනමා තබාගත යුතුවේ.). තත්පර 10 ක් මෙම ඉරියව්වේ පාදය තබාගෙන සිට මුදාහරින්න. මෙලෙස එක් වාරයකට 10 වරක් බැගින් දිනකට වාර කිහිපයක් කරන්න.
  • රාත්‍රියේ නිදාගන්නා විට, යටි පතුල මදක් ඇදී පවතින ආකාරයට පතුරක් වැනි උපාංගයක් (Splint) පළඳින සේ ඔබේ වෛද්‍යවරයා උපදෙස් දෙනු ඇත.
  • තද මතුපිටක් සහිත ස්ථාන වල ඇවිදීම හෝ දිවීම සීමාකරන්න.
  • ඔබගේ ශරීරය අධික බර හෝ තරබාරු නම්, බර අඩු කරගන්න.
  • යටි පතුලෙහි වේදනාව පවතින ස්ථාන අයිස් කැට යොදාගෙන තවන්න. මෙය එක් වරකට විනාඩි 10-15 බැගින්, අවම වශයෙන් දිනකට දෙවරක් වත් කරන්න.
  • යටි පතුල ඇදෙන සේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් (Plaster of paris) වලින් සෑදූ උස සපත්තුවක් (අච්චුවක්) වැනි උපාංගයක් යොදා සති 3-6 ක් තබාගන්නා ලෙස ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.
  • ඉහත ප්‍රතිකර්ම මගින් ප්‍රතිඵලයක් නොලැබුනි නම්, ඔබේ වෛද්‍යවරයා යටි පතුලේ ප්‍රදාහය අඩු කිරීම සඳහා වේදනාව සහිත පතුලට ස්ටෙරොයිඩ් ඖෂධ අඩංගු නික්ෂේපන (Steroid injections) විදිනු ඇත.
  • ඉහත සඳහන් කල ප්‍රතිකර්ම මාස 6-12 ක් කිරීමෙන් සුවයක් නොලැබේ නම්, පතුලට ශල්‍යකර්මයක් කිරීම අවශ්‍ය විය හැක.
  • යටි පතුලෙහි වේදනාව අඩුවීම සිදුවන්නේ සෙමෙන් බැවින් ඒ සඳහා සති කිහිපයක් ගතවිය හැක. තත්ත්වය සම්පූර්ණයෙන් සුවවීමට මාස කිහිපයක සිට අවුරුද්දක් දක්වා කාලය ගතවේ.
    උපුටා ගැනීමකි ....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top