ඒවා එක මායිම් වැටකින් වෙන්ව තිබුණු අතර නිවාස දෙකේ අය කීපදෙනෙකු ජීවත් වුවත් ඔවුන් එකිනෙකා හමුවී කතා බහක් නොකළේ මායිම් ආරාවුලක් නිසා පවුල් දෙක විරසකව සිටි නිසාය.
ඇයි හොඳයි කමක් නොපැවැත්වූවත් මෙම පවුල්වලට අහල පහළ අය සමඟ ලොකු එකමුතු කමකින් සම්බන්ධව සිටියෝය.
එක් නිවසක වැඩිමහල් දියණිය ප්‍රදේශයේ විද්‍යාලයක උසස් පෙළ පන්තියේ සිසුවියක වූ අතර ඇය ඉතා හැඩකාරියක මෙන්ම ආඩම්බරකාරියක්ද වූවාය. ඇයගේ මවද එසේම විය.
අනෙක් නිවසේ වැඩිමහල් තරුණයා, අධ්‍යාපනය අවසන් කර සිටි අතර ඔහු පරිගණක අධ්‍යාපනය හදාරන උපකාරක පංතියක සිසුවෙකි.
ඔහු ද නාඹර තරුණයෙකු විය. තරුණියන් වහවැටෙන රූප ශෝභාවකින් යුක්තය.
මෙම තරුණයා නිතරම පාහේ තරුණිය දෙස නිවස ඉදිරිපිටට පැමිණ බැලීම පුරුද්දක් කරගෙන සිටියේය.
එමෙන්ම ඔවුන් අතර පෙම් සබඳතාවයක්ද ගොඩ නගා ගැනීමට වැඩි කලක් ගතවූයේ නැත.
තරුණිය නිවසේ නොමැති අවස්ථාවලදී තරුණයාට නිවස දෙස බැලුණේ ඉබේටමය.
තරුණියගේ බව පමණක් සිටින අවස්ථාවලද එලෙස තරුණයා බලන්නට වූ අතර මෙම සිදුවීමට තරුණියගේ මවටද දැනී තිබුණි.
පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතියට තෑග්ගක් දෙන්නට සිතූ තරුණයා නිවසේ තම පෙම්වතිය ඇති යැයි සිතා කාටත් හොරෙන් තරුණියගේ නිවසට පැමිණි අතර ඒ මොහොතේ නිවසේ සිටියේ තරුණියගේ මව පමණි.
හොරෙකු සේ නිවස අසලට පැමිණි මොහු නිවසට එබෙද්දී තරුණියගේ මව දොර අසල සිට තරුණයාව නිවස තුලට ඇද ගත්තේ කමිසයෙන් අල්ලාගෙනය.
“කොහෙද හොරෙක් වගේ යන්නේ, මොනවද ඔය අතේ” කියමින් අතේ අතේ තිබුණු තෑග්ග උදුරා ගත්තාය.
කට උත්තර නැති වූ තරුණයා “මොකුත් නෑ” කියමින් ආපසු එන්නට වෙර දරද්දී තරුණියගේ මව “යන්න එපා ටිකක් ඉන්න” කියමින් තරුණයා ඇදගෙන නිවස තුලට ගියාය.
කිසිත් සිතාගත නොහැකිවූ තරුණයා හොල්මන් විය.
කාමරයක් තුලට තරුණයාව ඇදගෙන ගිය කාන්තාව එහි වූ පිහියක් අතට ගත්තාය.
“මගෙ දුව එක්ක තියෙන සම්බන්ධෙ නවත්තපන්, නැත්තම් මම තෝව මරනවා”
කියමින් තර්ජනය කල අතර බිය වූ තරුණයා දුව ආවේ රැගෙන ගිය තෑග්ගද අමතක කරමිනි.