කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහැරේ අවසන් මහ පෙරහර නවම් පොහෝදා (12දා) වීදි සංචාරය කළා.
විහාරාධිපති කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා මත විහාරස්ථ දායක සභාව සහ පෙරහැර කමිටුව මගින් පෙරහැර කටයුතු සංවිධානය කර තිබිණි.
හෙළ සංස්කෘතික අංගවලින් විචිත්‍රවත්ව පැවති පෙරහැර ආරම්භක අවස්ථාවට දෙස් – විදෙස් ආරාධිතයෝ විශාල පිරිසක් එක්ව සිටියා.
හිටපු ජනපතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැති හිනිඳුම සුනිල් සෙනෙවි ඇතුළු ආරාධිතයෝ ද දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා.