Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
14
ආදරය ගැන කරුණු 50ක් වැලන්ටයින් එක දවසේ කියවමුද?

- ආදරය ගැන කරුණු 50ක් වැලන්ටයින් එක දවසේ කියවමුද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views
ආදරය කියන්නේ ලෝකයේ තිබෙන සුන්දරම දෙයකට... ඉතිං බලන්නකෝ ඔයාලා මේ දේවල් දන්නවාද කියලා...

ආදරය කියන්නේ ලැබෙනකන් බලා ඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්

තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ

ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි

ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . .ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්

හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේතියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය

ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.

ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒ වගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය

හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය...ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත් වේවි හැමදාම

නොලැබෙන ආදරයක් පස්සේ හිත රවට්ට රවට්ට හීන මව මවා දුක් විදිනවාට වඩා....ලැබෙන ආදරයේ සොඳුරු මතකයන් හිතේ ගුලි කරන් ඒ මතකෙට හැමදාම ආදරේ කරන්න

ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැතිතැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැම විටම විශ්වාස කරන්න.

ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි

ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක් . . . ඒ හැඟීම ඔයාව හොයාගෙන එනකල් ඉන්න . . . කවදාවත් ඔයා ආදරේ හොයාගෙන යන්න එපා . . . තමාට හිමි ආදරේ කවදා හරි තමුන්ව හොයාගෙන එනවාමයි

ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . .සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක් . . . ඒ වේදනාව සිතට දැනෙන්නෙ අපි සාගරයක් වගේ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා . . .ආදරයෙන් නැගෙන වේදනාවටත් සීමාවක් නෑ

ලෝකයේ තේරුම් ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි

ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි

ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ, කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා

බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපා, ඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවඉ නම් ඒක ගොඩාක් ලොකු බොරුවක්

ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවි, ඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි

ආදරේ වරදක් කියලා හිතෙන්නේ තමන්ට ආදරේ නොකරන කෙනෙකුට තමුන් ආදරේ කළාමයි

ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට,ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි

කියාගන්න බැරි, තේරුම්ගන්න බැරි එකම එක සොඳුරු සිතුවිල්ල ආදරය විතරයි

අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමි කරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි, අවංකව ආදරය කරන කෙනෙකුට තමන් ආදරය කරන කෙනා ලැබුණත් නොලැබුණත්, ඒ කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන්

ජීවිතය ආදරයේ කොටසක් වුණාට, ආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.

හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැප කරන්න සූදානම්

තමුන් කෙනෙක්ට ආදරය කරනවා නම් කවදාවත් එයාව තමුන්ගේ කරගැනීම ගැන විතරක් හිතන්න එපා

ආදරය තියෙන තැන දුක වැඩියි, දුක වැඩිවෙන්න වැඩි වෙන්න ඇති වෙන ආදරෙත් වැඩියි

ආදරය ජීවිතයට තියෙන්නම ඕනේ දෙයක්, ඒ වුණත් ආදරය ඕනවට වඩා තිබ්බමත් ආදරයේ අගයක් නැති වෙනවා, ඒ නිසා අනික් හැමදේටම වගේ ආදරේටත් සීමාවක් තියාගන්න

මුළු ජීවිත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ නම් ඔබ ගොඩාක් කැමති කෙනෙක්ට නෙවෙයි,ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න

මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත්වෙනස් කරන්න පුළුවන්

ආදරය සුන්දරයි, තමන්ගේ හිතට ගොඩාක් කාවැදුණු කෙනෙක්ට දුන්නු ආදරයක් මියෙනතුරුවත් අඩු වෙන්නේ නෑ, ඒක ස්ථිරයි, සදහටම එහෙමයි

ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා,ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්

ආදරේ කියන්නේ හිතට දැනෙන, හරිම සංවේදී, ලස්සනම ලස්සන හැඟීමක්. ඒත් හුඟක් වෙලාවට ඒ ලස්සන ආදරෙට තණ්හාවයි ලෝබකමයි රිංගා ගත්තොත් ඇස් දෙක රිදෙනකන් අඬන්නත් වෙනවා

ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ, හැමදාමත් ආදරේ කරන අයගේ හිත්වල ජීවත් වෙනවා

අපි ආදරය කරන්න ඕන, අපිට ආදරය කරන අයට...මොකද.. සමහරවිට අපි ආදරය කරන අය අපිට ආදරය නොකරන්න පුලුවන් නිසා

හෑම සුන්දර දෙයක්ම දකින්න කොහෙ හරි දෙනෙතක් තියනව, හෑම සත්යක්මඅහන්න කොහෙ හරි දෙසවනක් තියනව ඒ වගෙම හෑම ආදරයක්ම ලබන්න, උරුම කියන්නකොහෙ හරි හදවතකුත් තියනව

ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ, ලැබෙන ආදරය රැකගන්න ජීවිතයම කැපවෙන්න ඕනේ

ආදරයට ආදරේ කරන්න, කවදාවත් ආදරේට ආශා කරන්න එපා

ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේ, ආදරේ කරනකොට ගොඩාක් ශක්තිමත්, පැහැදිලිව එකිනෙකාව පේනවා. ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි. ඒ බිඳුණු ආදරේ කවදාවත් තිබුණු විදියට ආපහු හදන්න බෑ

ආදරය කෙනෙකුට සුන්දර අත්දැකීමකි, තවකෙකුට විරහවකි. මේ දෙගොල්ලන්ගෙන්ම ලොවට සුන්දර විශිෂ්ට නිර්මාණ එකතු වේ.

හැම මොහොතකම අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට මිසක් අපි ආදරය කරන කෙනාට නෙමෙයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකලත් අපිට ආදරයකරන කෙනාට ආදරය කරන්න අපට පුළුවන් නම් එතන ඇත්තටම සාර්ථක ආදරයක් තියනවා

මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි

තනිකමක් දැනෙනවා නම් කවුරු හරි නැති වුනාම, පාළුව මැකෙනවානම් එයා ළග ඉන්න කොට, මග හරින්න එපා...! මොකද ඒ ඔයා හොයන ආදරය වෙන්න පුළුවන්

ජිවිතයේදි, කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි. හේතුවක් නිසා ඇති නොවෙයි. නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජීවිතයේ සැලැස්ම වෙයි. ජිවත් විමට හේතුවද වෙයි


ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි

සෑම පෙම්වතෙක්ම පෙම්වතියක්ම එක් දෙයකට බියක් දක්වයි, ඒ තමුන් ආදරයකරන කෙනා තමුන්ට අහිමි වේවි කියන බියයි.

ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.

ආදරය යනු භූමිකම්පාවක් වැනිය, මුලදි ටිකක් ටිකක් බය හිතෙන සුලුය. නමුත් අමාරු කොටස ඉවරවුණ පසු ඔබ කොතරම් වාසනාවන්තද කියා ඔබටම සිතේ.

සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි.

අන්තර්ජාලයෙන් උපුටාගැනීමක්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top