කරන්ට් එක නැතුව වැඩ කරන්න හරිම අපහසුයි...
අදත් විදුලිය කපයිද? කියලා හිත කනස්සල්ලෙන් ඉන්න ඔයාට සතුටු හිතෙන පුවතක් මෙන්න...
අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.
ඒ අනුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි පියවර ගැනුණේ.
කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විට අක්‍රීය වූ එම ජනන යන්ත්‍ර යළි පණ ගන්වා තිබෙනවා.
ඒ අනුව මෙලෙස විදුලි කප්පාදුව අවසන් කිරීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.