සමහර අය රාත්‍රියේදී නින්දේදී පමණක් නොව දිවා කාලයේදී සුළු නින්දකදී පවා ගොරවනවා
නින්දේදී ගෙරවීමට හේතු
ගෙරවීමේ හඬ ඇතිවන්නේ ස්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඇතිවන අවහිරවීමක් හේතු වෙනි. එවිට නින්දේදී තල්ල සහ ග්‍රසනිකාවේ බිත්ති දෙදරීමක් ඇති වේ.
මෙහිදී ඇතිවන යාන්තම් ගෙරවීම (Simple Snoring) හානිකර නොවේ. නමුත් තදින් ගෙරවීමක් පවතී නම් එවැනි පුද්ගලයන් නිසි වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි...
එය ස්වසන මාර්ගයේ අවහිරතාවයක් නිසා විය හැකිය. ඉන් හුස්ම හිරවීම පවා සිදු විය හැකියි...
ගෙරවීම නිසා දීර්ඝ කාලීනව පෙනහැල්ලේ, හෘදයවස්තුවේ රුධිර සංසරණ පද්ධතියේ ආබාධ තත්ත්ව ඇතිවිය හැකියි. උදාහරණ ලෙස අධිරුධිර පීඩනය සහ හෘදයාබාධ දැක්විය හැකියි...
ගෙරවීමට බලපාන හේතු අතර නාසය අවහිරවීම, විශාලවූ සෙම් ගෙඩි, දික්වූ මෘදු තල්ල සහ රසදිව, විශාලවූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම හඳුනාගෙන තිබෙනවා....
නාසය අවහිරවීම සඳහා මස් දලු හට ගැනීම, ළමයින්ගේ ඇඩිනොපිඩ් ග්‍රන්ථය විශාල වීම, නාසය කුටීර දෙකකට වෙන්කරන ආවාරය ඇදවීම බොහෝ විට හේතු වෙනවා...
ගෙරවීමේ ලක්ෂණ
ගෙරවීම යාන්තමින් ගෙරවීම, ඉතා තදින් ගෙරවීම සහ නින්දෙන් හුස්ම හිරවීම ලෙස මතු වෙනවා...
යාන්තමින් ගෙරවීම යනු ගෙරවීමේ හඬ යාබද කාමරයට නෑසේ. හුස්ම ගැනීමේ අපහසුතා මතු නොවේ.
ඉතා තදින් ගෙරවීම යනු දොර වසා තිබුණත් ගෙරවීමේ හඬ යාබද කාමරයට ඇසේ. හුස්ම ගැනීමේ අපහසුතා මතු වේ.
නින්දේදී හුස්ම ගැනීම තත්පර 10කට අධික කාලයක් වරින්වර නවත්වයි. පැය 07ක නින්දකදී 30 වතාවකට වඩා හුස්ම නවත්වයි නම් එය භයානක තත්ත්වයකි. මෙම හුස්ම ගැනීමේ අපහසුතාව නිසා රෝගියා වරින්වර හුස්ම හිරවී අවදි වේ. මෙලෙස හුස්ම ගැනීම අපහසුවීම නිසා රුධිරයේ පවතින ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වේ. එය හෘදය සහ පෙනහලුවලට බලපායි. ඉන් අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය වැනි රෝග මතු විය හැකිය.
ප්‍රතිකාර
නින්දේදී ගෙරවීම සම්බන්ධයෙන් උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයකු මගින් පරීක්ෂාකර ගත යුතුය. එහිදී ඊට බලපා ඇති හේතු හඳුනාගෙන ප්‍රතිකාර ලබාදේ.
නින්දේදී ගෙරවීමට බලපා ඇත්තේ තරබාරුව නම් නිසි ලෙස බර අඩු කරගත යුතුයි... මත්පැන් භාවිතය නතර කිරීම, මස් දළු ඉවත්කිරීම සිදුකරනු ලබයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත තයිරොක්සින් භාවිතය ආදිය ගත යුතුයි...
ඇතැම් පුද්ගලයන්ගේ නින්දේදී ගෙරවීම වෛද්‍ය ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම මගින් සුව කළ නොහැකිය. එවැනි රෝගීන්ට ස්වසන මාර්ගය නින්දේදී වැසීයාම වැළැක්වීමට විශේෂ යන්ත්‍රයක් ලබාදේ. (CPAP – Continus positive air way pressure)
නින්දේදී ගෙරවීම, සුලභව දැකිය හැක්කේ පිරිමි පුද්ගලයන් තුළයි... එසේම වයසට යන විට දී ද නින්දේදී ගොරවන පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඉහළ යයි. එනම් වයස අවුරුදු 30ට වඩා අඩු අය අතර නින්දේදී ගෙරවීමේ ප්‍රතිශතය සියයට 10%ක් පමණ වේ. වයස අවුරුදු 60ට වඩා වැඩි අය අතර එය සියයට 60%ක පමණ ප්‍රතිශතයක් පවතී.
දිවයින පුවත්පතෙන්...