මේ කතාව මුරණ්ඩු පූසෙක් ගැන කළ හදියක් පිළිබදව.
රෝමයේ සිට ජර්මනිය බලා ගමන් කළ රයන්එයාර් ගුවන් යානයක බළලෙකු සොයා ගැනීමෙන් පසු එම ගුවන් ගමන දින දෙකකට කල් තැබීමට සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යානය ගුවන් ගත කිරීමට සුළු මොහොතකට පෙර බළලෙකුගේ කෑ ගසන ශබ්දයක් ඇසීමත් සමඟ සිදුකළ සොදිසි කිරීමකදී බළලෙකු ගුවන් යානයේ සැඟව සිටින බව අනාවරණය වී ඇති බවයි.
අනතුරුව නඩත්තු සේවකයින් බළලා සිටින ස්ථානය සේවීමට කටයුතු කර ඇති අතර එහිදී බළලා ගුවන් යානයේ ඉලෙක්ට්‍රොනික උපාංග සවිකර තිබෙන මැදිරියේ සැඟව සිටින බව සොයාගෙන තිබුණා.
අනතුරුව ඌ අල්ලා ගැනීමට උත්සහ කළ සෑම අවස්ථාවකදීම නැවත නැවත් බළලා උපාංග ඇතුලට රිංගා ගොස් සැඟව සිටීමට උත්සහ කර තිබෙනවා.
ඒ සමග නිලධාරීන්ට ඇතැම් කොටස් ගලවා ඉවත් කිරීමට සිදුව ඇති අතර අවසානයේ බළලාම ඌ සිට තැනින් ඉවතටවිත් ගුවන් යානයේ ප්‍රධාන දොරටුවෙන්ම පැමිණ මගීන් බැස යන පඩිපෙලින්ම බැසගොස් ඇති බව සදහන්.
ඒ සමගම ආරක්ෂක හේතූන් මත ගුවන් ගමන දින දෙකකට අවලංගු කිරීමට සිදු ව ඇති අතර බළලා සිටින බව නොදැන ගුවන් යානය ගමන් කළා නම් ගුවන් සමාගමට ඩොලර් දහස් ගණනක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.