මේ පුවත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස පිළිබදව.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ පිටුපස පිහිටි ආරක්ෂකයින් රැඳී සිටින ගොඩනැගිල්ලක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා.
හිටපු ජනාධිතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී සඳහන් කළේ, රුපියල් ලක්ෂ 03ක් පමණ වන ජල ගාස්තුවක් නොගෙවීම හේතුවෙන් අදාළ නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවයි.
මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති ආරක්ෂකයන් රැඳී සිටින ගොඩනැගිල්ලේ ජල බිල් ගෙවීම ජනාධිපති කාර්යාලය හරහා සිදු වූ බවයි නීතිඥ ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අදාළ හිඟ ජල බිල්පත් මීට මාස කිහිපයකට පෙර ඒවා බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත පැවසුවේ එවක දී ආරක්ෂකයන් 160කට ආසන්න ප්‍රමාණයක් එහි සිටි බැවින් එතරම් විශාල ජල බිල්පතක් ලැබීම සාධාරණ තත්ත්වයක් බවයි.
කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.