නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ චීන ජාතිකයෙක් නීති විරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් 318,000ක්, නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 67,500ක් සහ එම මත්පැන් නිෂ්පාදනයට ගන්නා උපකරණ තොගයක් ද සොයා ගත්තා.
වැල්ලම්පිටිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු බුණ්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසකදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්‍යය බලකායේ සහාය ලබාගෙන තිබෙනවා.
සැකකරු අද (12) අලුත්කඩේ අංක දෙක අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදුකරනවා.