Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
12
කාන්තාවන් අතර සුලභ ගැබ් ගෙළ පිළිකා ගැන ඔබ දැනුවත්ද?

- කාන්තාවන් අතර සුලභ ගැබ් ගෙළ පිළිකා ගැන ඔබ දැනුවත්ද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views
මේ දවස් වල පිළිකාව කියන්නේ අපිට අරුම පුදුම වචනයක් නෙමේ. අපි ආදරය කරන ගොඩක් දෙනෙක් මේ පිළිකාව නිසා අප අතරින් වෙන් වෙලා යනවා.

සමහර අය පිළිකාව කියන වචනෙටත් බයයි. එයාලා හිතාගෙන ඉන්නේ පිළිකාවක් හැදුනොත් ඉතින් ඉවරයි තමයි කියලා. හැබැයි පිළිකාව කියන්නේ මොකක්ද, මුලික රෝග ලක්ෂණ මොනවාද කියලා ඔයාලා හොඳින් දැනුවත් නම් මේ පිළිකාව සාර්ථකව පරාජය කරන්න ඔයාලාට පුළුවන් වෙයි.

අපි අද ඔයලාව දැනුවත් කරන්න යන්නේ කාන්තාවන් අතර බහුලව තියන ගැබ් ගෙළ පිළිකාව සම්බන්ධව.

මොකක්ද මේ ගැබ් ගෙළ කියන්නේ?
ගැබ් ගෙළ කියන්නේ කාන්තාවකගේ ප්‍රජනන පද්ධතියේ විශේෂ දෙයක්. කාන්තාවකගේ ගර්භාශයේ පහලම කොටසේ තමයි මේ ගැබ් ගෙළ පිහිටා තියෙන්නේ. ගැබ් ගෙළ සාමාන්‍යයෙන් 2-3cm පමණ ප්‍රමාණයක් ගන්නා අතර මෙය කාන්තාවක් ගැබ් ගැනීම හා වයසට යාමත් සමග වෙනස් වෙනවා. කාන්තාවකගේ මාසික ඔසප් වීමේදී ඔසප් රුධිරය ශරීරයෙන් පිට කිරීමටත් සංසර්ගයේදී ශුක්‍රානු ගර්භාෂය දෙසට යැවීමටත් මේ ගැබ් ගෙළ උදව් වෙනවා.

ගැබ් ගෙළ පිළිකාව කියන්නේ මොකක්ද?
කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්‍රිතව ඇති වන පිළිකාමය තත්වයක් ගැබ් ගෙළ පිළිකාවක් ලෙස හදුන්වනවා. මේ මගින් සිදු වන්නේ කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්‍රිත සෛල වල සංයුතිය පිළිකා සෛල මගින් වෙනස් කිරීමයි. ගැබ් ගෙළ පිළිකාව ශරීරය තුල වර්ධනය වන්නේ හරිම සෙමින්. ඒ නිසා පිළිකාව කල් තියා හදුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමට පුළුවන්.

මේ පිළිකාව ඇති වන්නේ HPV (Human Papillomavirus) කියන වෛරසය මගින්. මේ වෛරසය එන්නතක් මගින් අති සාර්ථකව පරාජය කල හැකියි. මේ පිළිකාව වැඩිපුර ඇති වන්නේ ලිංගිකව සක්‍රීය කාන්තාවන් අතර.

ගැබ් ගෙළ පිළිකා අවධානමට හේතු
  • HPV වෛරසය ආසාදනය වීම
  • වයස අවුරුදු 16 වීමට පෙර ලිංගික සංසර්ගය ආරම්භ කිරීම
  • දුම් පානය
  • දීර්ඝ කාලයක් දිගටම උපත් පාලන පෙති භාවිතය (අවුරුදු 05ට වැඩිය)
  • ලිංගික ක්‍රියාකාරකම් මගින් බෝ වන රෝගයක් තිබීම (STD)
  • ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් නොතිබීම
  • ගැබ් ගෙළ පිළිකා සහිත පවුල් පසුබිම
ගැබ් ගෙළ පිළිකාවේ රෝග ලක්ෂණ
ගැබ් ගෙළ පිළිකාවේ මුල් අවදියේ බොහෝ විට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නෑ. නමුත් පිළිකාව තරමක් දුරට වැඩුනු පසු පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
  • යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලේ ගැලීම : ලිංගිකව එකතු වීමෙන් පසු ලේ ගැලීම, ඔසප් චක්‍රය මැදදී අසාමාන්‍ය ලෙස ලේ ගැලීම, ආරතවහරණයෙන් පසු ලේ ගැලීමක් සිදු වීම මේ යටතට අයත්
  • ලිංගික එකතු වීමේදී වේදනාවක් ඇති වීම
  • යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය දුගදක් සහිත ශ්‍රාවයන් පිට වීම
ගැබ් ගෙළ පිළිකාව ටිකක් උත්සන්න වී අනෙකුත් අවයවයන් වලට පැතිරුණු පසු පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා
  • ශ්‍රෝණිය හා සම්බන්ධ වේදනාවන් ඇති වීම සහ කොන්දේ වේදනාව
  • වකු ගඩු අඩපන වීම
  • මුත්‍රා කිරීමේ අපහසුතා ඇති වීම
  • වේදනාකාරී ඉදිමුණු දෙපා
  • අධික තෙහෙට්ටුව
  • අස්ථි වේදනාව
  • බර අඩු වීම
  • කෑම අරුචිය
ගැබ් ගෙළ පිළිකාව වලක්වා ගැනීමට ඔබට කල හැකි දේ...

ගැබ් ගෙළ පිළිකාව වලක්වා ගැනීමට කල හැකි හොඳම දේ තමයි සෛල වල වෙනස්වීම් කල් තියා හදුනා ගැනීම. ක්‍රමවත් පරීක්ෂණ තුලින් ඔබට ඇති අවධානම හදුනා ගන්න පුළුවන්. කලින් සදහන් කලා වගේම ගැබ් ගෙල පිළිකාවක් වර්ධනය වෙන්න කාලයක් ගත වෙනවා. නිසි පරීක්ෂණ තුලින් මේ කාලයක් ඇතුලතදී පිළිකාව හදුනාගෙන ප්‍රතිකාර කිරීම තුලින් ඔබට සම්පුර්ණ සුවය ලබා ගන්න පුළුවන්.

ගැබ් ගෙළ පිළිකාව කල් තියා හදුනාගන්න ශ්‍රී ලංකාව තුල භාවිතා වන ඉතාමත් ප්‍රසිද්ධ පරීක්ෂණය තමයි පැප් පරීක්ෂණය. මේ පරීක්ෂණයේදී ඔබගේ ගැබ් ගෙළ තුලින් සෛල සාම්පලයක් ලබා ගන්නවා. පසුව මෙම සාම්පලය වැඩිදුර පරීක්ෂණ සදහා යැවීම සිදු කරනවා. මෙම සෛල තුල අසාමාන්‍ය තාවක් තිබුනහොත් එය කලින් හදුනා ගෙන ඒ සදහා ප්‍රතිකාර කල හැකි වෙනවා.

ඔබ වයස අවුරුදු 35ට වැඩි කාන්තවක්නම් රජයේ සුවනාරි සායන මගින් මෙම පරීක්ෂණය නොමිලේ සිදු කර ගත හැකියි. එසේත් නොමැති නම් මෙම පරීක්ෂණය ඔබට කැමති පරිදි පවුද්ගලික රෝහලකින් වුවත් කර ගත හැකියි. මෙම පැප් පරීක්ෂණය සෑම අවුරුදු 05ට වරක්ම සිදු කල යුතුයි.

හොඳම දේ තමයි දැන් මේ ගැබ් ගෙළ පිළිකාව වලක්වා ගන්න එන්නතක් තිබෙනවා. මෙම එන්නත ලබා ගැනීම තුලින් ඔබව HPV වෛරසයෙන් ආරක්ෂා වෙනවා. මෙම එන්නත පළමු ලිංගික සංසරණයට පෙර ලබා ගන්න ඕනේ. එම නිසාම මෙම එන්නත වයස අවුරුදු 11-12 අතර ගැහැණු ළමුන් සදහා ලබා දෙනවා.

නමුත් අවුරුදු 26ට අඩු කාන්තාවන්ටද මෙය ලබා ගන්න පුළුවන්. එන්නත් කරණය වයස අවුරුදු 15ට පෙර කරනවානම් එන්නත් මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත්. නමුත් එන්නත වයස අවුරුදු 15ට පසු ලබා දෙනවානම් එන්නත් මාත්‍රා 3ක් ලබා දෙන්න ඕනේ. ශ්‍රී ලංකාව තුළ 2017 වසරේ සිට පාසල් මට්ටමින් මෙම එන්නත ලබා දෙනවා. මේ සදහා වැඩි දුර විස්තර ලබා ගන්න ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය නිලධාරිනිය හෝ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.
උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top