පිළිකාව නිසා දුක් විඳින පිරිස බොහෝමයි.. මේ කියන්න යන්නේ අන්න ඒ අයට විශේෂ වූ ආරංචියක්..
මෙරට ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක පවසනවා.
එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විශේෂඥ වෛද්‍යවරයා මෙසේ පැවසුවේ.
එහිදී ඔහු මෙසේද සඳහන් කළා,
''පිළිකා වර්ග රාශියක් තියෙනවා නමුත් ප්‍රධාන වශයෙන් රෝග තුනක් ගැන කතා කරනවා නම් වැඩිපුරම දකින්න ලැබෙන්නේ ලේ පිළිකා ආශ්‍රිත රෝග.
ස්ථිර ලෙසම මෙය පිළිකාවක් කියන්න පුළුවන් කරුණු නැහැ. සති කිහිපයක් තිස්සේ කුද්දැටි ඉදිමීමකට ලක් වෙනව නම් නිතර නිතර උණ හැදෙනවා නම්, විසබීජ ඇඟට ගිහිල්ලා සෙම රෝග එහෙම නැත්නම් කකුලේ අතපයේ තුවාල ඇතිවෙනවා නම් ඒ වගේ විසබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු නම් සමහරවිට මෙය පිළිකා රෝග ලක්ෂණ වෙන්න පුළුවන්.
ළමයින්ගේ ලේ අඩු නම් රක්ත හීනපාතය ඇතිවෙනවා නම් ළමයා කෑම කන්නෙ නැත්නම් බර වැඩිනම්, සමහර විට පිළිකා රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. පුංචි ළමයින්ට ආතරයිටිස් අඩුයි. නමුත් ඒ වගේම ආතරයිටිස් විදියටත් රුධිර ගත පිළිකා තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.
දෙවෙනියට පුංචි ළමයින්ගේ දකින්න පුළුවන් පිළිකා ලක්ෂණය තමයි මොලය ආශ්‍රිත පිළිකා. කලක් තිස්සේ ඇතිවෙන හිසේ කැක්කුමක්, ගොඩක් වෙලාවට උදේ පාන්දර තමයි ඇතිවෙන්නේ වමන යනවා, හැන්දෑ වෙනකොට මේ රෝගය මුකුත් අමාරුවක් වෙන්නැතුව තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ළමයි බඩේ අමාරු වලට ගෑස්ට්‍රයිටිස් වලට කියලා තමයි මාස ගානක් තිස්සේ බෙහෙත් අරගෙන තියෙන්නේ. ඒ අවස්ථාවේදී MRI හෝ CT Scan එකක් කරන්න සිද්ධ වෙනවා.
ඊළඟට ෆිට් එකක් එන්න පුළුවන්. පවුලේ කාටවත් වලිප්පු තත්ත්වයක් තියෙන්නේ නැතිනම් සමහර විට මොළේ පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. මොළය ආශ්‍රිත ඇතිවන පිළිකා එකපාර අඳුරගන්න අපහසුයි. පුහුණු වෙච්ච වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේ වගේ අවස්ථාවන්වලදී.
මීළඟට ඇතිවෙන පිළිකාවන් තමයි මස් පිඩු සහ අස්ථි ආශ්‍රිත ඇතිවන පිළිකාවන්. ක්‍රීඩා කරන ළමයින් පොඩි ඉදිමීමක් ආවොත් ක්‍රීඩා කරපු නිසා කියලා හිතලා ගොඩ වෙදකම් කර කර මාස දෙකක් තුනක් ගෙවල්වල තියාගෙන ඉන්නවා. නිසි වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නේ නැතුව. අපි ගාවට එනකොට මේ පිළිකා ඇඟ පුරාම ගිහින් ඉවරයි. ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ගෙඩියක් වගේ ඇඟේ තියෙනවා. ඒක හැංගුන දෙයක් නෙමෙයි. ඉතා පහසුවෙන් අස්ථි ආශ්‍රිතව ඇති පිළිකාවන් හඳුනාගන්න පුළුවන්.
ඊළඟට ඇස් ආශ්‍රිතව ඇතිවන පිළිකාවන්. විශේෂයෙන්ම මොන්ටිසෝරි ළමයින්ගේ, අවුරුදු 3- 4 ළමයින්ගේ වපර තත්ත්වයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් අහේ සුදු පාට දිලිසෙන වීදුරු බෝලයක් වගේ පේනවා නම් මේක සමහර විට ඇහේ ඇතිවෙන පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිළිකාව පැතිරිලා නැත්නම් සුව කරන්න පුළුවන්.''