මේ වසරේ පෙබරවාරි මස අස්වැසුම ප්‍රතිලාභ දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගන්නා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
රුපියල් දොලොස් බිලියන පන්සිය පනස් පස් මිලියන හයසිය පනස් එක්දහස් දෙසිය පනහක මුදලක් මේ සඳහා වෙන්කර ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.
ඒවා ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂ විසිපන්දහස් හත්සිය අනූ පහක් අතරේ බෙදා දීමට නියමිතයි.