තාක්ෂණය සමඟ ජන සමාජයට එක්ව තිබෙන දේ විවිධය. විශේෂයෙන් බොහෝ තාක්ෂණික මෙවලම් ජනතාවගේ ජීවන චර්යාව දියුණුව කරා රැගෙන යයි.
ඒ අතර ඇතැම් තාක්ෂණික උපකරණ භාවිතය නිසා තම ජීවිතවලට විනාශය අත්කර ගන්නා පිරිස් ද නැතුවා නොවේ. එලෙස ඇතැමුන් තාක්ෂණය මඟින් ජීවිතය ජය ගනිද්දී තෙවකකු නොසැලකිලිමත් භාවිතය හෝ ඊට ඇබ්බැහි වීමෙන් නිරපරාදේ අමාරුවේ වැටෙන ප්‍රබල මාධ්‍යයක් බවට වර්තමානයේ ‘ඔන්ලයින් තාක්ෂණය‘ හැඳින්විය හැකිය.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කරන ‘ඔන්ලයින් ගේම්‘ හෙවත් ඔන්ලයින් ක්‍රීඩා ඇතැමුන්ගේ ජීවිතවල විනාශයට මහත් සේ බලපෑමක් ඇතිකරන බව පොලීසියට දිනෙන් දින වාර්තා වන පැමිණිලිවලින් පිළිබිඹු වේ.
ඉකුත් ජනවාරි 27 වැනිදා එඬේරමුල්ල පොලීසියට වාර්තා වූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රත්රන් සොරකමක් පිළිබඳ පොලීසිය සිදුකළ විමර්ශනයෙන් ද හෙළි වූයේ පෙර කීවා සේ විස්මය දනවන කතාවකි. එඬේරමුල්ලේ පවුලක එකම දරුවා වන දියණිය විසින් පෙම්වතා සමඟ එක්ව රුපියල් කෝටි ගණනක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කර තිබුණේ ඔන්ලයින් ක්‍රීඩාවට ඇබ්බැහි වීම නිසා රුපියල් ලක්ෂ ගණනක් පරාජය වීම නිසාය.
පාසල් වියේ සහ හිරිමල් යොවුන් වියේ පසුවන දරුවන් සිටින සැමට ‘හොඳ‘ පාඩමක් කියා දෙන මේ සිද්ධියේ අග-මුල සොයාගත්තේ එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත සිය වසර 36ක පොලිස් දිවිය තුළ ලද හසළ අත්දැකීම් ඔස්සේ සිදු කළ සූක්ෂ්ම විමර්ශනයක් මඟිනි.
මේ සොරකම එඬේරමුල්ල පොලීසියට වාර්තා වී පැය හයක් යද්දී සියලු තතු අනාවරණය කරගනිමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ආකාරය එඬේරමුල්ල පොලීසියේ පොත්වල සටහන් වන්නේ මෙසේ ය. ඉකුත් ජනවාරි 27 වැනිදා රාත්‍රියේ එඬේරමුල්ල පොලිස් නිලධාරිහු දෛනික රාජකාරියේ නිරතව සිටියහ. ඒ මොහොතේ රාත්‍රී 7.30ට පමණ පොලිස් ස්ථානයේ දුරකතනය නාද විය.
“සර්… එඬේරමුල්ලේ පාදිලියාතුඩුවේ… නාතුඩුවේ… ගෙදරක ගෑනු ළමයෙක්ගේ අතපය කට බැඳලා…. මුළු ගේම කොල්ලකාලා… රොබරිය සිද්ධ වෙලා දැන් වැඩි වෙලාවක් නෑ…“ යැයි එම දුරකතන ඇමතුම දුන් පුද්ගලයා එලෙස පොලිසිය දැනුම්වත් කළේය.
පොලිස් නිලධාරියෙක් ලද එම පැමිණිල්ල පිළිබඳව එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත ද දැනුම්වත් කළ අතර සැණින් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් සමඟ එම නිෙවස සොයා ගියේය.
පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරකින් පිහිටි එම නිෙවසට පොලිස් නිලධාරින් කණ්ඩායම විනාඩි කීපයක් ඇතුළතදී ගියේය. පොලිස් නිලධාරින් යන විට නිවෙසේ අඹුසැමියන් ද සිටියහ. පොලීසිය නිෙවස පරික්ෂා කරද්දී එම අඹුසැමියන්ගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනිණි.
“සර්… මායි නෝනයි… හවස හතරට විතර ගෙදරින් ගියා… දුව විතරයි ගෙදර හිටියේ… ඒ වෙලාවේ ආපු හොරෙක් දුවගේ අත්-කකුල් බැඳලා… ගෙදර තිබුණ රත්රන් බඩු සේරම කොල්ලකාලා…“ යැයි එම අඹුසැමි යුවළ පොලීසියට පැවැසීය.
ඒ අනුව කොල්ලකා ඇති ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් කෝටියකට අධික බවත් පවුම් 50කට අධික බවත් එම අඹුසැමියෝ පොලීසියට පැවැසූහ.
වසර හතරක පමණ කාලයක සිට එම නිවෙසේ කුලියට සිටින එම අඹුසැමියන්ට සිටිනුයේ 20 හැවිරිදි දියණිය පමණි. ඇගේ පියා වන ගෙහිමියා පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකි. ඔහුගේ බිරිය ද පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නීය. මේ අඹුසැමියන් එදින සවස 4ට පමණ නිවෙසින් බැහැරට ගිය මොහොතක නිෙවසට කඩා වැදුණ කොල්ලකරුවකු මේ කොල්ලය සිදු කර තිබිණි. අත්පා බැඳ තිබූ දියණියගේ විලාපය ඇසුණු යාබද නිවැසිසෝ එම කොල්ලය ගැන එඬේරමුල්ල පොලීසිය දැනුවත් කළහ. අදාළ නිෙවසට ගිය පොලිස් නිලධාරින් නිෙවස කොල්ලකෑ පුද්ගලයා හෝ කණ්ඩායම නිවසට ඇතුළු වූවා යැයි සඳහන් වූ මොහොතේ නිෙවසේ සිටි තරුණ දියණියගෙන් ප්‍රශ්න කළේ සැකකරුවන් හඳුනා ගැනීමට ‘පොටක් පාදා ගැනීමේ අටියෙනි.
“මම මගේ කාමරේ නිදාගෙන හිටියේ… ඒ වෙලාවේ අම්මලගේ කාමරේ පැත්තෙන් සද්දයක් ආවා… මං නැගිටලා ගිහින් බලන්න හදනකොට දොර රෙද්ද ළඟ ‘මිනිහෙක්‘ හිටියා… ඒකා දැක්කා විතරයි මම බයවෙලා කෑගැහුවා… පිහියකුත් අතේ තිබුණා… ඒ මිනිහා මාව අල්ලගෙන කෑම කාමරේ පුටුවකට තියලා ගැට ගැහුවා… ඊට පස්සේ රත්තරන් බඩු තියෙන තැන කියපන් කිව්වා…“ යැයි ඇය පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසුවාය.
එම නිවෙස සාමාන්‍ය පන්නයේ නිවෙසකි. ඇය එක්වරම ‘රත්තරන් බඩු තියෙන තැන කියපන්‘ යැයි සොරා පැවැසීම ගැන එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයාට සැකයක් ඇති විය. සාමාන්‍ය නිවෙසක් වන එම නිෙවසේ පැමිණිල්ලෙන් සඳහන් වූ ආකාරයට රුපියල් කෝටියකට අධික ස්වර්ණාභරණ තිබෙන බව එම සොරා දන්නේ කෙසේ ද යන්න එම සැකයයි. වසර 15ක පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර මෙවැනි විමර්ශන පිළිබඳ හසළ අත්දැකීම්ලත් එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා එම තරුණියගේ සැක සහිත ප්‍රකාශ ද සිතේ තබාගෙන ඒ ඔස්සේ විමර්ශන සිදු කරන්නට විය.
නිවැසියන්ගෙන් හෙළි වූයේ කොල්ලකෑ රන් භාණ්ඩ සියල්ල නිෙවසේ අඹුසැමියන්ගේ කාමරයේ කුඩා ටිපෝවක සකසා තිබූ රහස් කුටියක බහා තිබූ බවය. පොලිස් නිලධාරින් එම ටීපෝව පරීක්ෂාවේදී නිෙවසට පැමිණි එක් පුද්ගලයෙක් වන එම සොරා එක්වරම එම රහස් කුටිය කෙටි කාලයකින් හඳුනාගත්තේ කෙසේ ද යන්න ගැටලුවක් විය. එසේම සොරා පැමිණි මොහොතේ නිවෙසේ සිටි තරුණිය පොලීසියට වැඩිදුරටත් කීවේ සොරා නිෙවසේ ඇගේ කාමරයට යාබද කෑම කාමරයේ ජනේලයෙන් නිෙවස ඇතුළට පැමිණි බවයි.
පොලිස් නිලධාරින් කණ්ඩායම එම ස්ථානය ඉතා සුපරික්ෂාකාරිව පරීක්ෂාවට ලක්කරද්දී එම ජනේලය ඇතුළතින් විවෘත කර ඇති ආකාරයක් මනා ලෙස දිස් විය. පොලිස් ස්ථානාධිපතිවරයා තමාගේ සිතෙහි ඇතිවෙමින් තිබූ සැකය ගැන අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එන්.පී.පී. පතිරණ ද දැනුම්වත් කළේ එම තරුණිය පොලීසිය භාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කළ යුතු බව සඳහන් කරමිනි.
අනතුරුව පොලිස් ස්ථානයට පැමිණිල්ල සටහන් කිරීමට අඹුසැමියන් පොලීසියට කැඳවද්දී දියණිය ද කැටුව එන ලෙස ස්ථානාධිපතිවරයා දැනුම් දුන්නේය. ඒ අනුව රුපියල් කෝටියකට අධික සොරකම පිළිබඳව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලකද දැනුම්වත් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් සුබසිංහගේ අධීක්ෂණයෙන් එම විමර්ශන ආරම්භ කළ ස්ථානාධිපතිවරයා දියණියගේ ප්‍රකාශවල තිබෙන සැකය ගැන ද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුම්වත් කළේය.
එම විමර්ශනවල ප්‍රගතිය ගැන සොයා බැලීම සඳහා එදින රාත්‍රියේම සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් සුබසිංහ ද පැමිණ සොයා බලද්දී සහකාර පොලිස් අධිකාරිවරයාට ද අදාළ අඹුසැමියන්ගේ දියණිය පිළිබඳ කිසියම් සැකයක් ඇති විය. ඒ ඇගේ හැසිරීම සහ ප්‍රකාශ නිසාය.
විමර්ශන දිගින් දිගටම සිදු කරමින් පොලිස් නිලධාරින් එම තරුණියගේ දුරකතනය පරික්ෂාවට සූදානම් වෙද්දී ඇය ඊට විරෝධය පෑවාය. එහෙත් පොලිස් නිලධාරින් කරුණු පහදා දෙමින් ඇගේ ජංගම දුරකතනය පරීක්ෂාවේදී ඇය කිසියම් දුරකතන අංකයක් සමඟ දිගින් දිගටම සබඳතා පවත්වා ඇති ආකාරය පෙනිණි. පොලිස් නිලධාරින් ඇගේ මවගෙන් ප්‍රශ්න කළේ දියණිය කිසියම් අයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වනවා ද යන්න දැනගැනීමේ අරමුණෙනි.
“සර්… දුව කොල්ලෙක් එක්ක යාළුයි කියලානම් මට තේරුණා… මං දවසක් ඒ ගැන එයාගෙන් ඇහුවම එයා ඉතාලියේ ඉන්නේ කිව්වා… එෆ්බී එකෙන් හම්බ වුණේ කිව්වා… මං දවසක් කිව්වා… ‘උඹ අපිට ගැළපෙන්නේ නැති කසාදයක් කරගත්තොත් අපෙන් කිසිම දෙයක් උඹට ලැබෙන්නෑ…‘ කියලා…“ යැයි කියමින් මව පොලිස් නිලධාරින් දැනුම්වත් කළාය.
ඒ සමඟම පොලිස් නිලධාරින් තරුණියගෙන් විමසුවේ ඇගේ පෙම්වතා කොහේ සිටිනවා ද? යනුවෙනි.
“කැලණියේ ඉන්නේ…“ යැයි ඇය කීවාය. පොලිස් නිලධරයෝ අනතුරුව ඇගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙළේ මේ කොල්ලය සම්බන්ධවය. ඉකුත් 28 වැනිදා අලුයම 1 පමණ වෙද්දී ඇය සියල්ල පාපෝච්චාරණය කරන්නට වූයේ පොලීසියේ සැකය සක්සුදක් සේ තහවුරු කරමිනි. ඒ අනුව මේ කතාවේ සුලමුල හෙළිවන්නේ එතැන් සිටය.
ඇගේ පෙම්වතා 20 හැවිරිදි ගයාන්ය. ඔහු කැලණිය, සිංහාරමුල්ලේ පදිංචි අයෙකි. ඒ හැටි රැකියාවක් නොකළ ගයාන්ගේ මව මේ වන විට ජීවතුන් අතර නැත. වැඩිමල් සහෝදරයන් දෙදෙනකු සිටිය ද දෙදෙනා වෙන්ව ජීවත් වෙති. ගයාන් ජීවත් වන්නේ පියා සමඟිනි.
“සර්… මං එයත් එක්ක යාළු වුණේ මට අවුරුදු 17 දී… ඒ කියන්නේ 2021 අවුරුද්දෙදි… එෆ්බී එකෙන් හම්බ වුණේ… අපි දෙන්නා ෆෝන් එකෙන් ඔන්ලයින් ගේම් ගහන්න පුරුදු වුණා… මගේ අම්මයි තාත්තයි නැති වෙලාවට එයා අපේ ගෙදරත් එනවා…“ යැයි ඇය පැවසුවේ පොලීසියෙන් ගැලවීමක් නොමැති වග තේරුම් ගිය පසුය. ඒ වන විට පොලීසියට ද තොරතුරුකරුවන් මාර්ගයෙන් එම නිවෙසට තරුණයකු යන එන බවට ද තොරතුරු ලැබී තිබිණි.
“සර්… මමයි ගයානුයි ඔන්ලයින් ගේම් ගහලා ලක්ෂ ගාණක් පරාද වුණා… ඊට පස්සේ මම අල්ලපු ගෙදර අක්කගෙන් එයාගේ රත්රන් බඩු ඉල්ලගෙන උකස් කළා… ඒ සල්ලි… ඒ ගේම්වලින් පරාද වුණ සල්ලි ගෙවන්න… පස්සේ ඒ අයගේ රත්තරන් බඩු බේරලා දුන්නා… ඒ ගයාන් අපේ ගෙදර රත්රන් බඩු අරගෙන ගිහින් විකුණලා ගත්තු සල්ලිවලින්…“ යැයි ඇය පැවැසුවාය.
ඇගේ පාපෝච්චාරණය අනුව ඇය සහ පෙම්වතා ඔන්ලයින් පරිගණක ගේම් හෙවත් පරිගණක ක්‍රීඩා ඔස්සේ රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් පරාජයට පත්වී ඇති බව හෙළි විය. ඒ සඳහා තරුණිය සිය නිවෙසට යාබද නිෙවසේ ස්වර්ණාභරණ උකස්කර රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ලබාගෙන තිබිණි.
“කොහොමද ඒ රත්රන් බඩු බේරලා දුන්නේ…?“ යැයි ඇගෙන් විමසද්දී ඇය මුලින් මුනිවත රැකුවද පසුව ඇය මෙලෙස කීවාය.
යැයි ඇය කීවාය.
එලෙස විටින් විට නිෙවසේ තිබූ ස්වර්ණාභරණ උකස් කිරීමෙන් ඇගේ පෙම්වතා ඉකුත් දෙසැම්බර් මස රුපියල් ලක්ෂ පහකට ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ද මිලදී ගෙන තිබිණි.
වරින්වර එලෙස නිෙවසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ මෙරට ප්‍රසිද්ධ උකස් හලකට උකස් කර රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන තිබුණේ ගයාන්ගේ ජාතික හැඳුනුම්පත මාර්ගයෙනි. උකස් මුදල එය වුවත් එම ස්වර්ණාභරණවල මුළු වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියකට අධික බව සඳහන් වේ.
තරුණියගේ හෙළිදරව්වත් සමඟ ඉකුත් ජනවාරි 28 දා අලුයම ඇගේ පෙම්වතාගේ නිවස සොයා යන්නට පොලිස් කණ්ඩායම තීන්දු කළේය. ඔහුගේ නිෙවස සොයා ගැනීමට පහසු වූයේ තරුණිය මවුපියන්ට පෞද්ගලික උපකාරක පන්ති යනවා යැයි බොරු කියා ඉකුත් දිනවල කීප වරක්ම ගයාන්ගේ නිෙවසට ගොස් තිබුණු නිසාය. 28 දා අලුයම කැලණිය, සිංහාරමුල්ලේ පිහිටි ගයාන්ගේ නිවෙසට පොලිස් නිලධරයෝ ගියහ. පසු දින රාත්‍රියේ තරුණියගේ නිෙවසින් කොල්ලකෑ ස්වර්ණාභරණ සමඟ ගයාන් අත්අඩංගුවට ගැනිණි. 20 හැවිරිදි ගයාන් අගහිඟකමින් පිරි පවුලක අයෙකි.
ගයාන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔහු පෙම්වතියගේ නිෙවසින් සොරකම් කළ ස්වර්ණාභරණ උකස්කර රුපියල් ලක්ෂ 18කට මිලට ගත් මෝටර් බයිසිකලයක්ද ඔහුගේ මිතුරෙකුගේ නිෙවසේ සඟවා තිබියදී පොලීසිය සොයා ගනිද්දී රුපියල් ලක්ෂ 5කට මිලදී ගත් ස්කූටිය ද ගයාන්ගේ නිෙවසේ තිබී සොයා ගැනිණි. තවද එම ස්වර්ණාභරණ උකස් කිරීමෙන් ගයාන් රුපියල් 30,000කට ‘ටයිටන්‘ වර්ගයේ අත්ඔරලෝසුවක් ද මිලට ගෙන තිබිණි. ඊට අමතරව ගයාන්ගේ නිවෙසේ තිබී ඔන්ලයින් ගේම් සඳහා භාවිත කළ පරිගණක ඇතුළු උපකරණ ද පොලිසිය භාරයට ගැනිණි. තවද සැකකරු සතුව තිබී පෙර දින පෙම්වතියගේ නිෙවසින් සොරකම් කරන ලද රන් පවුම් 19ක් සහ රුපියල් එක්ලක්ෂ අනූපන් දහසක මුදලක් ද සොයා ගැනිණි.
පවුලේ එකම දරුවා වන එම තරුණියට සිය මවුපියන් 2010 වසරේ සිටම මෙරට ජනප්‍රිය ස්වර්ණාභරණ වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ ගණනින් ස්වර්ණාභරණ මිලදී ගෙන දී තිබිණි. එම නිසා ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් වුවද එම නිෙවසේ පවුම් 50කට අධික ස්වර්ණාභරණ තිබී ඇත. ඉදිරියේදීද පියාට ලැබීමට තිබූ ලක්ෂ ගණනක මුදලකින් ඇයට තවත් ස්වර්ණාභරණද මිලට ගෙන දීමට සූදානමක් තිබිණි.
එම ස්වර්ණාභරණ කොල්ලය පිළිබදව ගයාන් සටහන් පොතක සටහන් සහ සිතුවම් ද අඳිමින් සටහන් කර තිබුණේ නම ගිය අපරාධකාරයකු ලෙසිනි. පසුගිය කාලය පුරා සිදුවී ඇති එම නිවසේ සියලු ස්වර්ණාභරණ සොරකම් මේ දෙදෙනා විසින්ම සැලැසුම්කර සිදු කර තිබූ අතර, ඉකුත් ජනවාරි 27 දා සවස් යාමයේ සිදුවී තිබුණු සිද්ධිය ද පොලීසිය හෙළිකර ගන්නේ මෙසේ ය.
තරුණියගේ මවුපියන් එදින සවස 4ට පමණ නිවෙසින් බැහැරට ගිය පසු තරුණියගේ දැනුවත් කිරීම අනුව පෙම්වතා වන ගයාන් සවස 5ට පමණ එම නිවෙසට පැමිණ තිබේ. අනතුරුව ස්වර්ණාභරණ බහා තිබූ ටීපෝවේ රහස් කුටියෙන් ස්වර්භාරණ තොගය ගෙන තිබිණි. පසුව දෙදෙනා එක්ව නිවෙසේ කාමරයක ජනේලයක වීදුරු කඩා තිබුණේ නිෙවසට පැමිණි සොරා එම ස්ථානයෙන් පැමිණි බව ඇඟවීමටය. නිෙවසට ඇතුළුවූ සොරා නිවෙසේ සෑම අස්සක්-මුල්ලක් නෑරම සෝදිසි කර ඇති බව පෙන්වීමට නිවෙසේ අල්මාරිවල තිබූ රෙදිපිළි බිමට ඇද දමා තිබුණේ සොරකු නිෙවසට පැමිණි බව ඇඟවීමට වුවත් විමර්ශන නිලධාරින්ට එම රෙදිපිළි ඇද තිබූ ආකාරය ද සැක ගෙන දී තිබිණි.
පසුව තරුණිය සිය කැමැත්තෙන්ම පුටුවකට තබා අත්පා ගැටගසා ස්වර්ණාභරණ රැගෙන ඇගේ පෙම්වතා පලා ගොස් තිබුණේ පැය එකහමාරක පමණ කාලයක් නිවෙසේ ගත කරමිනි. ඉන්පසු තරුණිය ගැට ගැසූ අත්පා එලෙසම තිබියදී බිම දිගේ ඇදෙමින් පැමිණ යාබද නිවැසියන්ට ඇසෙන සේ කෑගසා තිබුණේ නිෙවසට සොරකු පැමිණ නිවෙසේ තිබුණු රන් ආභරණ කොල්ලකා පලා ගිය බවට ව්‍යාජ රඟපෑමක යෙදෙමිනි. කෙසේ හෝ එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශනයෙන් සොරකමේ සුලමුල පැය 6ක් යන්නටත් මත්තෙන් අනාවරණය කරගත්තේ සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගනිමිනි.
නිවෙස්වල තනි වන දූ දරුවන්ගේ කල්ක්‍රියා පිළිබඳව මවුපියන් ඇතුළු වැඩිහිටියන්ට දැඩි අවධානයක් යොමු කළ බුතු බව මෙකී සිදුවීමෙන් ගම්‍ය වන්නකි.
උපුටා ගැනීම - සිළුමිණ