ඔහුගේ මරණය සිදුවුණේ කොහොමද කියන එක තවමත් බොහෝ දෙනෙකට ගැටලුවක් වෙලා..
මිය ගිය ඔහුට සාධාරණයක් ඉටු වේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන තවත් එක් කතාවක්..
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් සිදු කළ පහර දීමකදී මිය ගියේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔහුගේ ඥතීන් සහ ගම්වාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
මෙලෙස මිය ගොස් තිබුණේ, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු පියෙක්.
මිය ගිය තැනැත්තා රිය අනතුරකට භාජනය වීමේන් පසු පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු නිවසට යෑමෙන් පසු මිය ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය කළ පහරදීමකින් පසු ඔහු මිය ගොස් ඇති බවයි.
ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවය අතර මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ පොලිසිය අතර සංවාදයක් ද ඇති වුණා.
මේ අතර නවගමුව - බෝමිරිය ප්‍රදේශයේ පාසලක ඊයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් පාසල් සිසුන් 11 දෙනෙකු නවගමුව, මුල්ලේරියාව සහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි පොලිසිය සදහන් කළේ.
ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිරිසක් සහ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළලේ පුහුණු වීම් සිදුකරන සිසුන්ට මෙලෙස පහර දී ඇති බව සදහන්.