මේ කියන්න හදන්නේ හිතා ගන්නවත් බැරි පුවතක්... මෙහෙම දේවල් පාසල් භූමියක සිදුවෙන්නේ කොහොමද?
බෝමිරිය ජාතික පාසලට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විද්‍යාලය තුළ කැඩට් පුහුණුවීම්වල නිරතව සිටි පාසල් සිසු සිසුවියන්ට අමානුෂික ලෙස පහරදීම නිසා තුවාල ලැබූ සිසු සිසුවියන් 10කට වැඩි පිරිසක් අද (11) සවස රෝහල් ගත කළ බව එම විද්‍යාලයේ විදුහල්පති අසංග මනෝජ් පවසනවා.
මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දින කිහිපයකට පෙරත් පාසල් දරුවන් කිහිප දෙනෙකුට පහර දී ඇති අතර අද දිනයේදී තවත් පිරිසක් සමග පැමිණ පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම සිදුකර තිබෙනවා.
පිරිමි දරුවන්ට පහර දීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් බේරීමට ගිය පාසල් දැරියන්ටද මල් පෝච්චි ඉදල් කොසු මිටවල් ආදියෙන් පහරදීම සිදුකර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නවගමුව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවද විදුහල්පතිවරයා පැවසුවා.
තුවාල ලැබූ දැරියන් 06 දෙනෙකු සහ පිරිමි දරුවන් 05 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබනවා.
ඉන් එක් දරුවෙකු ගිලන් රථ මාර්ගයෙන් වෙනත් රෝහලකට ඇතුළත් කළ බවත් රෝහලේ ප්‍රතිකාර ලබන ඉතිරි දරුවන් පිරිස බස් රථයක් ගෙනවිත් කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට කටයුතු කරන බවත් විදුහල්පති අසංග මනෝජ් වැඩිදුරටත් පැවසුවා.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය කටයුතු කරමින් සිටිනවා.