අද කියන්න හදන්නේ අපේ රටේ වැවෙන ඒත් හුඟාක් අය නොදන්නා වටින ඔසුවක් ගැන තොරතුරු...
ඔන්න ඉතිං මේ කියන්න යන්නේ දේශීය වෙදකමට ගුණ දෙන අගනා බෙහෙතක් ගැන කතාවක්...
දේශීයව එකම උද්භිද ගණයට අයත් රදලිය නමින් හඳුන්වන ශාක විශේෂ දෙකක් හඳුනාගෙන තිබෙනවා..
එයින් connarus championii නම් ශාකය අප රටට ආවේණික වන අතර ඒ රතු දත්ත පොතෙහි වඳ වී යෑමේ තර්ජනයට ලක්විය හැකි ශාක යටතේ වර්ගීකරණය කර තිබෙනවා..
ඖෂධ සඳහා භාවිතා කරන බවට තොරතුරු සඳහන් වන connarus monocarpus නම් අනෙක් රදලිය විශේෂය රතු දත්ත පොතට අනුව අඩු තැකීමක් දක්වන ශාකයක් ලෙස නම් කර ඇති අතර පහතින් කරුණු දක්වනුයේ එම ශාකය ගැනයි..
රදලිය කාෂ්ඨීය බහු බහු වාර්ෂික වැල් ශාකයකි. කඳෙහි විල්ලුද ආකාරයේ සියුම් බූවක් පිහිටයි.. පත්‍රිකා 3 - 7ත් අතර සංඛ්‍යාවකින් යුත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. ශාඛාවන්ගේ අග්‍රස්ථයන්ගෙන් හටගන්නා පුෂ්ප මංජරියෙහි සුදු පැහැති කුඩා මල් රාශියකි.
කහ පැහැයට හුරු කොළ පැහැයකින් යුත් කරලෙහි දිළිසෙන සුළු කළු දුඹුරු පැහැති එක් බීජයක් පිහිටයි. මෙම කරල් මේරීමත් සමඟ දීප්තිමත් රතු පැහැයකට හැරේ. රදලිය connaraceae කුලයට අයත් ශාක විශේෂයකි.
රදලිය පොතු සහ මුල් සාරයේ අඩංගු ප්‍රධාන රසායන ද්‍රව්‍ය 04 ක් පිළිකා සෛල නසන ගුණ ඇති අතර, දේශීය වෙදකමේදී එම සාරය විසප්පු සහ අර්ශස් ගෙඩි සුව කිරීමට භාවිත වේ. මුලෙන් නිස්සාරණය කරන තෙල් ඉදිමුම් අවස්ථා වලදී ප්‍රතිකාර ලෙස යොදාගැනේ..
මුල් හා පොතු කෂාය සිපිලිස් නම් සමාජ රෝගය මර්දනය සඳහා භාවිතා කෙරෙනවා.. එම කෂාය මැලේරියාව සඳහා ද හොඳ ඔසුවක්...
අධික ලෙස සිදුවන මාස්ශුද්ධිය පාලනය කිරීමට මුල්, පොතු හා කොළ කෂාය යොදාගන්නවා..
දත් සෙලවීම සහ මුඛ දුර්ගන්ධයට ප්‍රතිකාර කිරීමට හොඳින් මේරූ රදලිය මුල් භාවිතා කරයි. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී සන්ධානීය පත්තු සඳහා රදලිය පොතු සුලබව යොදාගන්නා අතරම රදලිය යන්නෙහි තේරුම රාජකීය කාන්තාව යන්නයි...
එහෙත් ඇතැම් පොතක එය රදාලිය යනුවෙන් හැඳින්වේ. එවිට එයින් වෙනත් තේරුමක් හැඟෙන බැවින් ඒ යෙදුම දෝෂ සහගතයි..
අන්තර්ජාලයෙන්...