තෝරයායේ අනතුරට ලක් වූ බස් රථ දෙකට මොකද්ද වෙන්නේ ? මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබූ කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේදී අනතුරට ලක් වූ බස් රථ දෙකෙහිම ගමන්වාර අත්හිටුවන ලෙස ජාතික ගමනාගමන කොමිසම උතුරු මැද සහ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දී තිබෙනවා.
විධිමත් පරීක්ෂණයකින් පසු මෙම අවසර පත්‍ර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම කොමිසම ප්‍රකාශ කළේ.
මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබූ මැල්සිරිපුර සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක මාදුරු ඔය සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ තවත් පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
ඒ වන විට මාදුරු ඔය සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථය පැයට කිලෝමීටර් 80 ට වඩා වැඩි වේගයකින් ධාවනය කර ඇති බවට ජාතික ගමනාගමන කොමිසම සතු ජී.පී. එස් දත්ත පිරික්සීමේදී හෙළිව තිබෙනවා.