Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
11
නිවස සහ ව්‍යාපාරවල දියුණුව ඇති කරවන ගස් සහ මල් ගැන ඔබ දන්නවද?

- නිවස සහ ව්‍යාපාරවල දියුණුව ඇති කරවන ගස් සහ මල් ගැන ඔබ දන්නවද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
ස්වභාව ධර්මය විසින් ජීවින්ගේ පැවැත්ම උදෙසාම නිර්මාණය කරදී ඇති අනගිම දායදයකි ගස්වැල්, තුරුලතා. 

පුංචිම පුංචි තණකොළ පැළැටියේ සිට විශාල වෘක්ෂයන් දක්වා මේ පෘථිවි තලයේ පැවැත්ම උදෙසාත් ජීවින්ගේ පෝෂණය උදෙසාත් නොනිමි සේවාවක් කරනු ලබයි.

ගස්වැල් නිසා ජීවින්ගේ ආශ්වාස ප්‍රශ්වාස කාර්යයට අවශ්‍ය ඔක්සිජන් මුදාහැර කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරයි.

ගංගා, ඇළ, දොළට අවශ්‍ය ජලය, ජල පෝෂණය වර්ෂාව සඳහා ගස්කොළන් උපකාරි වේ.

එලෙස බලන කල ගස්කොළන් නොමැතිව ලෝකයටත් ලෝකය නොැමතිව ජීවීන්ටත් ජීවත් වීමට හැකියාවක් නොමැත.

ලෝකයේ දියුණු රටවල්, කාන්තාර පවා හරිත මාවතට යද්දී අපේ දුප්පත් රටවල් තිබෙන ගස්වැල් තුරුලියා කපා දමා විනාශ කරමින් කරන වන සංහාරයන් ස්වභාව ධර්මයට කරනු ලබන විනාශයන්ය.

ස්වභාවධර්මය විනාශ කිරීමට පෙලඹෙන අය ස්වභාව ධර්මයෙන්ම කෙදිනක හෝ තමන් මෙන්ම සමස්ත ජීවීන්ගේ විනාශයට මංපෙත් ඉදිකරගන්නෝ වන්නෝය.

බුදුරජාණන් වහන්සේගේ, උපත, බුදුවීම, පරිනිර්වාණය සිදුවුණේ වෘක්ෂයන් සෙවණේය. ඒ තුළින් ගස්වල ඇති විශ්ව ශක්තිය, කිරණ ශක්තිය, උන්වහන්සේ අත්විඳීය.

තම බුද්ධත්වයට සෙවණ දුන් ශක්තිය දුන් බෝධි වෘක්ෂය වෙනුවෙන් අනිමිසලෝචන පූජාවෙන් සත්සතියක් වැඩසිටි සේක.

වාස්තු විද්‍යාව වූ කලි බෞද්ධයන්ට, හින්දූන්ට අයිති විෂයයක් යන්න සමහරු ප්‍රකාශ කරති. නමුත් විශ්වය යනු ආගමට, ජාතියකට, ජීවී කොටසකට පමණක් හිමි වූ වස්තුවක් නොවේ.

අප සියල්ලෝම විශ්වයේ කොටස්කරුවන් වෙමු.

එම නිසා අප ඉදිකරන නිවස ද විශ්වයේ හිමිකාරීත්වයට පත්වන්නකි.

එම නිසයි විශ්ව ශක්තීන්ට අනුකූල ලෙසින් (පංච ධාතුන්ට) නිවස ඉදිකරන්න කියන්නේ.

මේ ඉදිකරන නිවාසවල අවට භූමියේ සිටුවන ගස්වල කිරණ ශක්තීන්ගෙන් නිවස බලවත් කර ගැනීමටත්, දුර්වල කර තැබීමටත් ගස්වැල් උපකාරී වේ. විශේෂයෙන්ම ගෙවත්තක සිටුවිය යුතු මල් ගස්, ගෙඩි දරන ගස්, විශාල කොළ සහිත හා රහිත ගස් නිසා ඇති වන, ඇති කර ගන්නා වාස්තු දෝෂ හා වාස්තු දෝෂ ඉවත් කිරීමට උපකාරි වන ශාක මොනවාද යන්න සලකා බලමු.

භූමියේ නොතිබිය යුතු ශාක (ගෙවත්තේ)

භූමියේ යන්නෙහි අදහස අප නිවසක් ඉදිකර ඇති බිමයි. එම නිවස පිහිටි භූමියේ ආසන්නව ගොරකා, රුක්අත්තන, නුග වැනි විශාල ශාක නිසා යක්ෂ, භූත, අමනුෂ්‍ය දෝෂ ඇතිවී එම අශුභ තරංග නිවෙසට ඇදී නිවැසියන් රෝග පීඩාවට පත් කෙරේ.

ආගමික ස්ථානවල, සොහොන්වල, පාරවල් අද්දර හා හුඹස් මත පැළවුණ මල් ගස් මිදුලේ සිටුවීම අශුභ වේ.

සමහර අවස්ථාවල අප රෝගී වූ අය බැලීමට නිවෙස්වලට යෑමේදී, ඒ අය සමග කුළුපගව සිට ආපසු නිවසට පැමිණීමට ඒමේදී එම රෝගියා විසින් මල් පැළයක්, මල් පෝච්චියක් දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නම් රැගෙනවිත් නිවසින් පිට කොහේ හෝ තබන්න එම මල් ගස නිවසේ තබාගැනීම අශුභ වේ.

නිවස ඉදිරිපිටට නුසුදුසු මල් හා ශාක වර්ග

නිවසේ ප්‍රධාන ද්වාරය ඉදිරිපිට කහ මල්, කටු සහිත බෝගන්විලා, රතු වද මල්, තැඹිලි ගස් අඹ ගස්, ජම්බු ගස් අශුභ වේ.

පතොක් ගස්, කටු සහිත ගස් වර්ග නිවසහි ඉදිරිපිට ප්‍රධාන ද්වාරයට දර්ශනය වන ආකාරයට අශුභ වේ. ඕකිඩ් මල් කොතරම් වටිනා අලංකාර වුව ද නිවස ඉදිරිපිටම තිබීම අශුභ වේ.

මේවා පරපෝෂිත ශාක වේ.

සමහර නිවාස හා ව්‍යාපාර ස්ථාන ඉදිරිපිට ඉතා සරුවට කෙසෙල් ගස් සිටුවා ඇත. මේවා අශුභ වන අතර නිවසින් අඩි 20 ක් පමණ දුරකින් සිටුවීම සුදුසුය.

බොන්සායි වර්ගයේ ශාක වර්ධනය බාල කර විද්‍යාත්මකව කුඩා පෝච්චිවල සකසා අලෙවි කෙරේ.

නමුත් නිවස ඇතුළත වැරැන්ඩාවේ මේවා තැබීම අශුභයි.

දියුණුවට බාධා දේ.

වාසනා ශක්තිය අහිමි වේ.

නැඟෙනහිර, උතුර දිශාවන්ට අයත් කලාපයේ උස හා විශාල පත්‍ර සහිත ගස් අශුභ වේ.

ඊශාන දිශාවෙන් ලැබෙන අන්තරීය ශක්තියට බාධා දීමට උස ගස් හේතු වන අතර උතුර, නැඟෙනහිර උස හා ලොකු පත්‍ර ඇති ශාක නිසා මේ දිශාවල භූමියට නියමිත ආකාරයට සූර්යයාලෝකය පතිත නොවීම හේතුවෙන් ලෙඩ රෝගතාවයන් ද හටගනී.

ප්‍රායෝගික වාස්තු පරීක්ෂාවලදී එක්තරා කර්මාන්ත ආයතනයක වාස්තු පරීක්ෂාවේදී එම ආයතනය ඉතා දියුණුවට පත් වෙමින් පැවැති අතර කෙටි කලකින් බංකොලොත්භාවයට පත් වෙන්න පටන් ගත් අතර එම ස්ථානයට ළංවෙත්ම දුටුවේ විශාල කොට්ටන් ගස් 3 කින් නැඟෙනහිර දිශාව සෙවණට ලක්ව තද අඳුරු ස්වභාවයක් ගෙන දී තිබුණි.

හිමිකරු පැවසුවේ තද අව් රස්නය නිසා මෙයට වසර කිපයකට පෙර කෙටි කාලයකදී එම කොට්ටන් ගස් තරමක් ලොකු තත්ත්වයේදීම ඖෂධ දමා සිටුවා පැළකර ගත් බවයි. එම අවස්ථාවේදී රතු පාට කොට්ටන් ගෙඩි ගස්වල පිරී පැවතුන අතර වව්ලන් කෑ ගෙඩි වහල මත ද තාප්ප මත ද විසිරී පැවතුණි.

මෙම කර්මාන්ත ආයතනයේ වාස්තු පරීක්ෂාවේදී දෝෂයන් කීපයක්ම පැවැති අතර, මාගේ ප්‍රථම නිර්දේශය වූයේ එදිනම කොට්ටන් ගසේ සියලු අතු කපා දැමීමයි. ඇත්තෙන්ම කොට්ටන් ගස් නිවසක, ව්‍යාපාරික ස්ථානයක ප්‍රධාන ද්වාරය අසල තිබීම නිසා බොහෝ දෝෂාන්ධකාරයන් එම ස්ථානවලට ඇතුළු වේ.

ඉදුණු කොට්ටන් ගෙඩි කෑමට රාත්‍රියට පැමිණෙන වවුල්ලුන්ගේ අමිහිරි නාද අමනුෂ්‍ය දෝෂ ළඟා කරයි.

විශාල පත්‍ර නිසා සූර්යයාලෝකය පැමිණීම නතර කරයි.

එවිට අන්ධකාරය රජ වේ නොපෙනෙන දෝෂ වර්ධනය වේ.

කෙසේ හෝ අනෙකුත් වාස්තු දෝෂවලට ප්‍රථම කොට්ටන් ගස්වල අතු කපා දැමීමෙන් අනතුරුව සති 03 කින් කර්මාන්ත ආයතනයට සිතා ගැනීමට නොහැකි ලෙසින් ඇණවුම් ලැබුණ බව මාහට දන්වන ලදී.

භූමියට හිතකර ශාක

වරකා ගස්වලත් වර්ග තියෙනවානේ. එම පැණි වරකා ගණයේ කොස් ගසක් ඔබේ නිවස පිහිටි භූමියේ පැවතීම නිවසේ වාස්තු දෝෂ තිබුණත් ධනය ලැබෙන දෙයකි.

අරලිය ශාකය අලංකාර මල් පිපෙන සුවඳ පතුරන ගසක් වුව ද ශෝකය ස්මරණය වේ. එම නිසා මේ ගස විහාරස්ථානවලට ගැළපේ.

භූමියක දෝෂ රහිත ගස් අතර බෙලි, පොල්, අශෝක මූණමල් ශාක සිටුවීමෙන් දෝෂයන් සමනය වේ.

නිවස පිහිටි ගෙවත්තේ සුදුහඳුන්, මදුරුතලා, ඉරිවේරිය ගතට සිතට සැනසීම ගෙන දේ.

පැණි දොඩම් ගස් ද නිවසක දියුණුව සෞභාග්‍යය ළඟා කරයි. නමුත් උතුරු දිශාවේ පැවතීම අශුභ අතර දකුණ, බටහිර දිශාවන්ට ශුභඵල දේ.

දෙළුම් ගස ද ඊශාන දිශාවට ඉතාම ශුභ දේ. ධනය, දේව ආකර්ෂණය, සෞභාග්‍ය ලැබේ.

නමුත් ගෙඩි නොඵල ගන්නා දෙළුම් ගස අශුභ වේ.

ගෙඩි ඵල දැරිය යුතුය. නිවසේ වාස්තු දෝෂ පැවතුන ද බෙලි වෘක්ෂයක් නිරිත දිශාවේ සිටුවීමෙන් ධනය, සෞභාග්‍යය ළඟා වේ.

බෙලි වෘක්ෂයට අධිපති ශ්‍රී ලක්ෂ්මි දේවියයි.

ඒ වගේම උතුරු දිශාවේ, ඊශාන දිශාවේ නිවසට මඳක් ඈතින් උතුරට – කොහොඹ වෘක්ෂය ද ඊශානට – දෙළුම් ශාකය ද, නැඟෙනහිර දිශාවේ දේවදාර, සඳුන් ගසක් හෝ පෝච්චියක පැළකර (ඉඩකඩ නොමැති භූමිවල) තබා ගැනීමෙන් ධනය, සෞභාග්‍යය, දේව ආකර්ෂණය නිවසට ළඟා කර දේ.

නිවසේ ගේට්ටුව අසල දකුණු දිශාවේ හෝ දෙපැත්තේම සඳුන් පැළයක් හෝ පැළකර තැබීම නිවසේ මාර්ග වේද දෝෂය ඉවත් කරලීමට හේතු වේ. ඊශාන දිශාවේ තිත්ත නෙල්ලි ගසක් පැවතිම ද ඉතා ශුභ හේතු දේ. නිරෝගීකම ලැබේ.

නිවසේ ප්‍රධාන ද්වාරයට කෙළින් කෝමාරිකා ශාක පෝච්චි තබා ගැනීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ. ඒ වගේම කහ ගහක් ද ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන් තිබුණහොත් ධනය, වාසනාව, නීිරෝගිකම ඇති වේ.

වෘක්ෂ දේවතාවන් වගේම යක්ෂයන් ද නුග බෝ වැනි විශාල ගස්වල සිටින බව පැවසේ. මේ ගස් ඉවත් කිරීමේදී එම අරක්ගත් අයට පුද පූජා පවත්වා ඉවත් කළ යුතු බව පැවසේ.

ගෙවත්තේ, මිදුලේ, නිවසට මුහුණලා දේවදාර ශාකය ද ඉතාම හොඳයි. දේව ආකර්ෂණය, නීරෝගිකම අත්වේ. නිවස අවට ගස් සිටුවීමේදී නිවසෙහි වහලයට ගෑවෙන පරිදි අත්තිවාරමේ කොන්වලට හසුවන පරිදි සිටුවීම නොකළ යුතුය. අඩුම වශයෙන් රියන් 5 ක දුරින්වත් තිබිය යුතුය.

නිවසේ ප්‍රධාන ද්වාරයට සෙවණැල්ල පතිත වන අයුරින් ගසක් පැවතීම නිසා වෘක්ෂ දෝෂ යන වේද දෝෂයට ලක් වේ.

ධනය විනාශ වීම.

ලෙඩ දුක්, බාධාවලට හේතු දේ.

මුරුංගා ගස්, කතුරුමුරුංගා ගස් නිවසේ ඉදිරිපස සිටුවීම අශුභයි.

ඒ වගේම ඒවා නිවස පිටුපස පැවතීම ගැටලුවක් නොවන අතර එසේ සිටුවා ඇති මෙම ගස් නිවසේ මුදුන් යටලීයට ඉහළින් පැවතීම ද අශුභ වේ.

කලක් ජනප්‍රිය ශාකයක්ව පැවැති ෆයිනස් ගස් ද ගෙවත්තේ සිටුවීම අශුභ ගෙන දේ.

නෙළුම් මල්, මානෙල්, මල් ද නිවසේ උතුර, ඊශාන නැඟෙනහිර දිශාවන්වල ජල ටැංකියක් ඉදිකර සිටුවීම විෂ්ණු, ලක්ෂ්මි දේවාශීර්වාදය ළඟා කර දේ.

නමුත් ජල ටැංකිය ද ඉදිකළ යුත්තේ නිවසේ වාස්තු දෝෂයන් නිර්මාණය නොවන අයුරිනි.

දිවයින පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top