චීන මහ බැංකුවේ රන් සංචිත ප්‍රමාණය යළි ඉහළ ගොස් තිබෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාසය අවසන් වන විට එරට රන් සංචිතය අවුන්ස මිලියන 73.45ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි..
එය අවුන්ස 160,000ක වැඩිවීමක් බව ද සඳහන්..
චීනය මෙලෙස රන් සංචිත ප්‍රමාණය ඉහළ නංවාගෙන ඇත්තේ ගෝලීය වශයෙන් රන් මිල ඉහළ යන අවස්ථාවක දී වීම විශේෂත්වයක්..