අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 876,410 ක් ලෙස සටහන් වෙනවා.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 19,260 ක සැලකිය යුතු වැඩිවීමක්.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 30,920 ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 28,350 ක් සහ රුපියල් 27,060 ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 247,350 ක් ලෙස දැක්වෙන අතර කැරට් 22 පවුමක් රුපියල් 226,750 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 216,450 ක් ලෙසත් සටහන් වෙනවා.