මේ සිද්ධිය ගැන විවිධ කෝණවලින් පරීක්ෂණ සිදුවුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක් ගැනයි..
මෙලෙස කොල්ලුපිටියේදී හදිසියේ මියගිය විදෙස් තරුණියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය අවසන් කර තිබෙනවා..
කොළඹ පිහිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලක නවාතැන් ගෙන සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 01 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බ්‍රිතාන්‍ය ජාතික 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ සහ ජර්මානු ජාතික 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණ ඊයේ (10) දින සිදු කළ බව කොල්ලුපිටිය පොලිසිය අද (11) ප්‍රකාශ කළා..
මරණ පරීක්ෂණවලින් පසුව අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දුන් බවත්, මරණවලට හේතුව සෙවීම සඳහා රස පරීක්ෂක වෙත යැවීමට මරණ පරීක්ෂණයේදී සිරුරුවලින් කොටස් ලබා ගත් බවත්, කොල්ලුපිටිය පොලිසිය පැවසුවා..
මරණ පරීක්ෂණවලින් අනතුරුව එංගලන්ත තරුණියගේ මෘත දේහය අවසන් කටයුතු කිරීම සඳහා එරටට රැගෙන යාමට මියගිය තරුණියගේ මවට භාර දුන් බවත්, ජර්මන් තරුණියගේ සිරුර ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ජර්මනියට යැවීම සඳහා සූදානම් කිරීමට කොළඹ ප්‍රදේශයේ මල්ශාලාවක් වෙත භාර දුන් බවත්, කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළා..
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණය කර මෘත දේහය ජර්මනියට එවන ලෙස ඇයගේ මව මෙරට ජර්මානු තානාපති කාර්යාලය හරහා පොලිසියට දැනුම් දී තිබෙන අතර, රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මියගිය 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ මව දේහය බාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවයි මරණ පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය නියෝග ලබා ගන්නා අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු දක්වමින් මීට පෙර කොල්ලුපිටිය පොලිසිය පවසා සිටියේ..
නේවාසිකාගාරයේ එකම කාමරයේ නවාතැන් ගෙන සිටි විදේශිකයන් තිදෙනකු මෙලෙස පසුගියදා හදිසියේ රෝගාතුර වූ අතර ඉන් පිරිමි පුද්ගලයා හැර කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේදී මරණයට පත්වුණා..
එම නේවාසිකාගාරයේ ඔවුන් නැවතී සිටි කාමරයට යාබද කාමරයට මකුණන් මර්ධනය කිරීමට ඉසූ පළිබෝධනාශක වායුවක් ඔවුන්ගේ මරණයට හේතු වන්නට ඇතැයි විමර්ශකයෝ මුල් අවස්ථාවේදී සැක පළ කළා..
මරණ පරීක්ෂණවලදී ලබාගත් සිරුරු කොටස්වල රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසුව මරණ වලට හේතුව නිශ්චිතව දැන ගත හැකි බවයි කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේ..