මේ කියන්න යන්නේ පුද්ගල ජීවිත රැසක් අහිමි කළ මහා ඛේදවාචකයක් ගැන ඇසෙන කතාවක්..
ග්වාතමාලා නගරයෙන් පිටත මිටියාවතකට බස් රථයක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා..
නගරයේ ගිනි නිවන සේවයේ ප්‍රකාශක මයිනෝර් රුවානෝ පැවසුවේ සුන්බුන් අතර "සිරවී සිටින අනෙකුත් පුද්ගලයින් බේරා ගැනීමට" උත්සාහයන් සිදුවෙමින් පවතින බවයි..
පිරිමින් 36 දෙනෙකුගේ සහ කාන්තාවන් 15 දෙනෙකුගේ සිරුරු පළාත් මෘත ශරීරාගාරයකට යවා ඇති බවයි වාර්තා වෙන්නේ..
සඳුදා ග්වාතමාලාවේ අගනුවරට සහ ඉන් පිටතට කාර්යබහුල මාර්ගයක ගමන් කරමින් සිටියදී, මාර්ගයක් සහ ගංගාවක් හරහා ගමන් කරන අධිවේගී මාර්ග පාලමක් වන පුවෙන්ටේ බෙලිස් වෙතින් බස් රථය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..
බස් රථය උඩු යටිකුරු වී ඇති බවයි වාර්තා වෙන්නේ..
මෙම ඛේදනීය සිදුවීම සමහ ග්වාතමාලාවේ ජනාධිපති බර්නාඩෝ අරෙවාලෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා..
."දෛනික ආහාර සොයා ගිය ග්වාතමාලාවේ වැසියන් දුසිම් හතරකට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ" "ඛේදජනක අනතුර" ගැන කණගාටුව පළ කරමින් ගෝතමාලාවේ කොංග්‍රස් සභාපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා..
ජාතික සිවිල් පොලිසිය පැවසුවේ ඔවුන් සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතුවලට සහාය දක්වන බවත් "අවශ්‍ය සියලු සහයෝගය" ලබා දෙන බවයි..