කොටහේන, බෙනඩික්ට් මාවතේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
අද (10) රාත්‍රී 7.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රෝහල් ගත කිරීමනේ පසුවයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
