මේ කියන්න යන්නේ පෝෂ්‍ය ගුණයෙන් අනූන සුපිරි ආහාරයක් වන කර්ඩ් රයිස් (Curd Rice) හෙවත් මුදවපු කිරිබත් ගැනයි. බත් කන්න පුරුදු වුන අපේ කටට මේ රසවත් බත හරිම අපූරු අත්දැකීමක් වේවි.
කාන්තාවකගේ සම්පුර්ණ නිරෝගී කමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ සංකූලතා.
සම අවපැහැ ගැන්වීම, සම කළු වීම, සම එල්ලා වැටීම, දෑස් බොර පාට වීම, මල පිටකිරීමේ දී රුධිරය පැමිණීම, බඩපිපුම, උගුරට ඒම, ඉස්මුරුත්තාව, ගැස්ට්‍රයිටිස්, ආහාර රුචිය නොමැතිකම, කලන්තය, පණ නැතිකම ආදී සුලභ රෝග රැසකටම මේ මුදවපු කිරිබත ඉතාම ගුණයි.
ඔබේ ආහාරයට එක්කරගෙන බලන්න.
ශරීරයේ ඇතිවන වෙනස ඔබම අත්විඳින්න.
කර්ඩ් රයිස් හදාගන්න අවශ්‍ය දේවල්
පිසගත් බත් කෝප්ප 02 ක් (ටිකක් බෙරි වෙන්න තම්බාගන්න)
අලුත් රස නොකළ මුදවපු කිරි කෝප්ප 03 ක් (රස නොකළ යෝගට් උනත් ගන්න පුළුවන්)
අමුමිරිස් කරල් 02 ක් (දිග අතට පලාගන්න)
අඟලක ඉඟුරු කැබැල්ලක් (සිහින්ව ලියාගන්න)
තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්
තෙල් තේ හැඳි 02 ක්
අබ තේ හැඳි 1/2 ක්
උළුඳු ඇට තේ හැඳි 1/2 ක්
තෝර පරිප්පු තේ හැඳි 1/2 ක්
වියළි මිරිස් කරල් 02 ක් (යන්තමට පලාගන්න)
කරපිංචා කොළ 20 ක් පමණ
පෙරුම්කායම් කුඩු තේ හැඳි කාලක්
රස අනුව ලුණු
කර්ඩ් රයිස් හදාගන්න හැටි
01. බත්, මුදවපු කිරි සහ ලුණු එකට මුසුකර හොඳින් මිශ්‍ර කරන්න. ටිකක් හැන්දේ පිට පැත්තෙන් පොඩි කරන්න.නමුත් ගොඩක් කරන්න එපා.
02. දැන් මේ මුදවපු කිරි මිශ්‍රණයට ඉඟුරු සහ අමුමිරිස් එකතු කරන්න. පසෙක තබන්න.
03. දැන් පෑන් එකක් ගන්න.
එයට තෙල් හැඳි දෙකක් දමන්න.
තෙල් රත්වී ගෙන එද්දී එයට අබ ඇට එකතුකරන්න.
අබ ඇට පුපුරාගෙන එද්දී එයට උළුඳු ඇට සහ තෝර පරිප්පු ඇට එකතු කරන්න.
එය රන්වන් පැහැයට හැරීගෙන එද්දී එයට වියළි මිරිස් කරල් සහ කරපිංචා කොළ එකතු කරන්න.
විනාඩියක් බැද ගන්න.
දැන් මෙම තෙම්පරාදුවට පෙරුම්කායම් කුඩු එකතුකරන්න.
ඒත් සමඟම ලිප වසා හැකි ඉක්මණින් මේ තෙම්පරාදු මිශ්‍රණය සකසාගත් මුදවපු කිරිබත් මිශ්‍රණයට එකතු කරන්න.
දැන් හොඳින් මිශ්‍ර කරන්න. ලුණු රස බලා ලුණු එකතු කරන්න.
අවශ්‍ය නම් උඩින් ලියාගත් කොත්තමල්ලි කොළ ඉස ආහාරයට ගන්න. මෙසේ සකසාගත් කර්ඩ් රයිස් උණුවෙන්ම හෝ සීතල කර ආහාරයට ගන්න පුළුවන්.
කර්ඩ් රයිස් හෙවත් මේ තයීර් සාදම් ශරීරයට කොච්චර ගුණදායකද කියලා කනකොට ඔයාට තේරෙයි... හදලා කෑමට අරගෙන බලන්නකෝ...
අන්තර්ජාලයෙන්...