2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමින් එහි සභාපති කෝශල වික්‍රමසිංහ මේ බව සදහන් කළා.
2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.
ඒ අනුව කුවේට් රාජ්‍යය සඳහා 84,000ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 55,000ක් සෞදි රාජ්‍යයේ රැකියා සඳහා 52,000ක් යොමුකිරිමට සැලසුම් කර තිබෙනවා.
එසේම කාර්යාංශය මගින් සෘජුවම රැකියා සඳහා යොමුකරන ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000ක්, දකුණු කොරියාව යන රටවල් සඳහා ශ්‍රමිකයින් 8,000ක් යොමුකිරිමටත් සැලසුම් කර තිබේ.