පැරණි දේශීය ව්‍යවහාරික මුදල් වල පනමේ කාසිය මෙම ශාකයේ කොළ වල ප්‍රමාණයට සමානව තිබූ හෙයින් පනම් පෙති සහ කාසි පෙති යනුවෙන් හැඳින්වූ මෙය වැලක් ආකාරයට වර්ධනය වන දේශීය මීවන විශේෂයක්.
බොහෝ විට කුඩා ගස් සහ පඳුරු මත අපි ශාකයක් ලෙස වර්ධනය වන මෙහි පත්‍ර මාංසල ස්වභාවයක් ගන්නවා...
පර්නාංග විශේෂයක් හෙයින් මල් හට නොගන්නා අතර කඳෙන් පැන නගින සොරස නම් තරමක් දිගටි ව්‍යූහයක පිහිටන බීජාණුධානී තුළ ඇති බීජාණු විසිරී යෑමෙන් ශාඛයේ ව්‍යාප්‍තිය සිදු වෙනවා...
කිඹුලකුගේ හැඩයක් ගන්නා නිසා පනම් පෙති ශාකය කිඹුල්වැන්න යනුවෙන් ද හඳුන්වයි. කිඹුල්වැන්න යන් ව්‍යවහාරය පනම් පෙති යන හැඳින්වීමට වඩා පැරණි බවයි විද්වත් මතය. කිඹුල්වැන්න යනුවෙන් හඳුන්වන ඖෂධ පිණිස භාවිතා කරන දේශීය ශාක දෙකක් ඇති අතර දක්ෂ වෙදැදුරෙකුට යම් රෝගයකට අදාලව යෙදිය යුත්තේ කුමන ශාකය දැයි තීරණය කිරීම අපහසු කාර්‍යයක් නෙමෙයි...
අතීසාරය, පාචනය, මාන්දම, ගුද භ්‍රරංසය, අක්ෂි රෝග, කැඩුම් බිඳුම් ඇතුළු අස්ථි ආබාධ, දැවුම් පිළිස්සුම්, අධික පිපාසය, වණ, තුවාල, ළදරු රෝග, විෂ ශරීරගත වීම ආදියට ප්‍රතිකාර කිරීමට පනම් පෙති ශාකයේ මාංසල පත්‍ර යොදාගන්නවා...
පනම් පෙති තුන්දොස් සමනය කරන ගුණ සහිතයි.
දැවුම් පිළිස්සුම් වෙදකමේදී භාවිතා වන තෙල් වර්ග සිඳීමේදී පනම් පෙති එකතු කරනවා...
රෝග වලදී ඇතිවන අධික පිපාසයට පනම් පෙති තම්බාගත් ජලය බීමට දීම යෝග්‍යය. මාන්දම රෝගයේදී පනම් පෙති සහ අමු ඉඟුරු යොදා සෑදූ කැඳ ගිතෙල් දමා බීමට දෙනවා...
එයටම පනම් පෙති, කොක්මොට, කරල්හැබ, මොණරකුඩුම්බිය, විළඳවැන්න, ඉරමුසු, හාතවාරිය, ගිතෙල් තේ හැඳි 01ක් සහ සහිඳ ලුණු එක්කර කැඳක් සාදාගත යුතුය. මෙම කැඳට පොල්කිරි සහ ලුණු දැමීම නුසුදුසු බව සඳහන් කර තිබෙනවා...
තිමිර නම් අක්ෂි රෝගයට පනම් පෙති ව්‍යංජනය ගිතෙල් දමා කෑමට දෙයි. කුඩා දරුවන්ගේ උදරාබාධ වලදී අරළු - පනම් පෙති කෂාය ගුණදායකය. වණ වල කොස්ස ඇදෙන්නට පනම් පෙති, හීරැස්ස, නවහන්දි, කැකුළු හාල්, අමුකහ පොල් කිරෙන් තම්බා අඹරා ගෑ යුතුය.
කැඩුම් බිඳුම් වලදී පනම් පෙති, පෝටා වැල්, මොණරකුඩුම්බිය, හාතවාරිය අල, බැලතණ, අමුකහ, ලුණු දමා කොටා මලවා බැඳීම තිස් පැයේ හන්දි බෙහෙත නම් වේ. කුස පිළිකා, සන්නි ආදී රෝග සඳහා යොදන "ජංසිංහ කායම" නම් ඖෂධය, වාත විදුරංග තෛලය සහ හෙනරාජ තෛලය ආදියේ පනම් පෙති අඩංගු වෙනවා....
අන්තර්ජාලයෙන්...