ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු. 293.18ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. . 301.74 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කෙසේවෙතත්, පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 292.14 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 303.17 ලෙස සටහන්ව තිබුණා.
එසේම, ඔස්ට්‍රේලියන් ඩොලරයේ ගැනුම් මිල රු. 181.70 ක් හා විකුණුම් මිල රු. 190.95 ක් ලෙසින් වාර්තා වුණා.