මහනුවර, ඉහළ මුරුතලාව ඓතිහාසික උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ “හිරු ආරාම පූජා“පුණ්‍ය මහෝත්සවය අද (10) සිදු කිරීමට නියමිතයි.
මෙම සම්මා වායාමය සිදු කෙරෙන්නේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ අනුශාසනා පෙරදැරිව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලක්දිව බුදු සසුන ආරම්භ වීමෙන් පසු සමස්ත බුදු දහමේ යහ පැවැත්ම සහ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගනිමින් හිරු මාධ්‍ය ජාලය සිදුකරන සේවාව සැදැහැවතුන්ගේ පැසසුමට ලක්වන කරුණක්.
ඒ අනුව, මහනුවර, ඉහළ මුරුතලාව ඓතිහාසික උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම “හිරු ආරාම පූජා“පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශාසනමාමක සම්මා වායාමයක් ලෙසින්.
අද උදෑසන 10.32ට යෙදෙන සුබ මොහොතින් මහනුවර, ඉහළ මුරුතලාව ඓතිහාසික උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
හිරු ආරාම පූජා ශාසනමාමක සම්මා වායාමය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය පෞද්ගලික පූර්ණ ධන පරිත්‍යාගයෙන් සිදුකරන්නේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේගේ නිරන්තර අනුශාසකත්වය යටතේයි.